Skip to content

පටුනට යන්න

3 දෙවි මිනිසුන්ගෙන් පළිගන්නවා එය සත්‍යයක්ද?

3 දෙවි මිනිසුන්ගෙන් පළිගන්නවා එය සත්‍යයක්ද?

3 දෙවි මිනිසුන්ගෙන් පළිගන්නවා එය සත්‍යයක්ද?

සමහරවිට ඔබ මෙසේ අසා ඇති: “මිනිසුන් කරන පව්වලට දඬුවමක් ලෙස දෙවි ඔවුන්ව නිරාගින්නට හෙළනවා.”

“ස්වාභාවික විපත් ඇති කිරීමෙන් දෙවි මිනිසුන්ට දඬුවම් කරනවා.”

බයිබලයේ උගන්වන දේ: යෙහෝවා දෙවි ගැන 2 පේතෘස් 3:9හි මෙසේ සඳහන් වෙනවා. ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට දෙවි කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමයි.’ දෙවි තම මූලික අවධානය දෙන්නේ අප කරන පව්වලට නොව අප කරන හොඳ දේවලටයි. ඒ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.

නිරාගින්න ගැන බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මිනිසුන්ට සදාකාලයටම වධ දීම දෙවි පිළිකුල් කරනවා. දෙවි දුෂ්ටයන්ට දෙන උපරිම දඬුවම වන්නේ ඔවුන්ව මරණයට පත් කිරීමයි. (යෙරෙමියා 7:31; රෝම 6:7) අනික් අතට සෑම දෙයක්ම විනාශ කර දමන ස්වාභාවික විපත් ඇති කරන්නේද දෙවි නොවෙයි. නොසිතන මොහොතක සිදු වන එවැනි විපත් ඕනෑම කෙනෙකුට බලපාන්න පුළුවන්.—දේශනාකාරයා 9:11.

සත්‍යය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: දෙවි, මිනිසුන්ට දඬුවම් කිරීමට බලා සිටින කෙනෙක් නොව “සමාව දීමට කැමති” කෙනෙක් බව තේරුම්ගැනීමෙන් ඔහුට වඩාත් කිට්ටු වෙන්න අපට පුළුවන්. (ගීතාවලිය 86:5) අප දෙවිට සේවය කළ යුත්තේ එසේ නොකළොත් අපට දඬුවම් කරයි යන බිය නිසා නොව ඔහුට ඇති ප්‍රේමය නිසයි. දෙවිට ඇති ප්‍රේමය නිසා ඔහුට සේවය කරද්දී ඔහුව සතුටු කිරීමට කළ හැකි සියල්ල කරන්න අප පෙලඹෙනවා.—මතෙව් 22:36-38; 1 යොහන් 5:3.

සෑම කෙනෙක්ම හරි දේ කරනවා දකින්න දෙවි කැමති වුණත් එසේ නොකරන අයත් සිටින බව ඔහු දන්නවා. හිතාමතාම දුෂ්ටකම් කරන මිනිසුන්ට විරුද්ධව දෙවි යමක් නොකළොත් ඔහු අසාධාරණ කෙනෙක් වෙනවා. එය හරියට රටක පාලකයෙක් නීති ක්‍රියාත්මක නොකර අයුක්තිය සහ දුෂ්ටකම දිගටම පැවතීමට ඉඩ දෙනවා හා සමානයි. (දේශනාකාරයා 8:11) හිතාමතාම දුෂ්ටකම් කරන අයව මේ පොළොවෙන් ඉවත් කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. දෙවි එසේ කරන්නේ මේ පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව මිනිසුන්ට ලබා දීම සඳහායි. ඒ නිසා අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමට අපට හැකියි.—ගීතාවලිය 37:10, 11, 29. *

[පාදසටහන]

^ 7 ඡේ. දෙවි මේ පොළොව පාරාදීසයක් කරන ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 3වන සහ 8වන පරිච්ඡේද බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දඬුවම් කරයි යන බිය නිසා දෙවිට නමස්කාර කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවාද?

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Engravings by Doré