Skip to content

පටුනට යන්න

5 දෙවි සෑම නමස්කාරයක්ම පිළිගන්නවා එය සත්‍යයක්ද?

5 දෙවි සෑම නමස්කාරයක්ම පිළිගන්නවා එය සත්‍යයක්ද?

5 දෙවි සෑම නමස්කාරයක්ම පිළිගන්නවා එය සත්‍යයක්ද?

සමහරවිට ඔබ මෙසේ අසා ඇති: “එක් ස්ථානයකට යන්න මාර්ග කිහිපයක් තිබෙනවා හා සමානව දෙවිට නමස්කාර කරන්නත් විවිධ මාර්ග තිබෙනවා. කැමති මාර්ගයක් තෝරාගැනීමට කෙනෙකුට පුළුවන්.”

බයිබලයේ උගන්වන දේ: අප දෙවිට නමස්කාර කළ යුත්තේ අවංකවයි. එසේ නැත්නම් දෙවි එම නමස්කාරය පිළිගන්නේ නැහැ. වංක ලෙස දෙවිට නමස්කාර කරන අය ගැන දෙවි මෙසේ පවසා තිබෙනවා. “මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ.”—මාක් 7:6.

දෙවිට නමස්කාර කරන අය දෙවිගේ ආඥා පිළිපැදීමත් වැදගත්. දෙවි පැවසූ දෙයක් එදා සිටි ආගමික නායකයන්ට අදාළ කරමින් යේසුස් මෙසේ පැවසුවා. ‘ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.’ (මාක් 7:7) ඔවුන්ගේ නමස්කාරයෙන් ‘පලක් නොවුණේ’ ඔවුන් දෙවිගේ ආඥා පිළිපදිනවා වෙනුවට මිනිසුන්ගේ සම්ප්‍රදායන් පිළිපැදීමට මුල් තැන දුන් නිසයි.

දෙවි සෑම නමස්කාරයක්ම පිළිගන්න බව බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වෙනුවට දෙවි පිළිගන්නේ එක් නමස්කාර ක්‍රමයක් පමණයි. එය ජීවනය කරා යන මාර්ගයට සමාන කරමින් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.”—මතෙව් 7:13, 14.

සත්‍යය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: ඔබ මැරතන් ධාවන තරඟයකින් පළමු ස්ථානයට පත් වූවා කියා සිතන්න. ඒ සඳහා ඔබ මාස ගණනාවක් පුහුණු වීම් කළා. නමුත් තරඟයේ නීතිරීති කඩ කළ නිසා ඔබට නියමිත ත්‍යාගය නොලැබෙන බව දැනගන්න ලැබුණොත් ඔබට කෙසේ හැඟෙයිද? ඔබ කඩ කර ඇති නීතිය ගැන ඔබ කිසිම දෙයක් දැන සිටියේ නැහැ කියා සිතන්න. ඔබ මොන තරම් අධෛර්යය වෙයිද? ඔබේ සියලු උත්සාහයන් අපතේ ගියා කියා ඔබට සිතෙයි. අප දෙවිට කරන නමස්කාරයටත් එවැනි දෙයක් සිදු විය හැකියි.

අප දෙවිට කරන නමස්කාරය ධාවන තරඟයකට සමාන කරමින් බයිබලයේ මෙසේ පවසනවා. “යම් තරඟාවලියකට සහභාගි වී ජය ලබන කෙනෙකුට කිරුළු පළඳවන්නේ ඔහු තරඟයේ නීතිරීතිවලට අනුව තරඟ කළොත් පමණි.” (2 තිමෝති 2:5) ඒ හා සමානව අප කරන නමස්කාරය දෙවි පළිගන්නේ “නීතිරීතිවලට අනුව” එනම් දෙවි අනුමත කරන ආකාරයෙන් ඔහුට නමස්කාර කළොත් පමණයි. ධාවකයෙක් තමන්ට කැමති මාර්ගයක ධාවනයේ යෙදී තරඟය නිම කළාට ඔහුට ජය ලැබෙන්නේ නැහැ. ඒ හා සමානව අප කැමති ආකාරයට දෙවිට නමස්කාර කිරීමෙන් දෙවිගේ අනුමැතිය දිනාගන්න බැහැ.

දෙවිගේ අනුමැතිය දිනාගැනීමට නම් අපගේ නමස්කාරය බොරු ඉගැන්වීම් හා සම්බන්ධ නොවිය යුතුයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර” කළ යුතුයි. (යොහන් 4:23) දෙවිට නමස්කාර කළ යුතු ආකාරය ගැන අපට දැනගත හැකි වෙන්නේ ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙනුයි.—යොහන් 17:17. *

[පාදසටහන]

^ 8 ඡේ. දෙවි පිළිගන්නා නමස්කාරය ගැන වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 15වෙනි පරිච්ඡේදය බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි සෑම නමස්කාර ක්‍රමයක්ම පිළිගන්නවාද?