Skip to content

පටුනට යන්න

“ඔවුන් අපේ ගෞරවය ලැබීමට වටිනවා”

“ඔවුන් අපේ ගෞරවය ලැබීමට වටිනවා”

“ඔවුන් අපේ ගෞරවය ලැබීමට වටිනවා”

හිට්ලර් ජර්මනිය පාලනය කළ කාලයේදී ඔහුට ලිපි දහස් ගණනක් ලැබුණා. වර්ෂ 1945දී රුසියාව විසින් ජර්මනියේ බර්ලින් නුවර අවට ප්‍රදේශ අත් පත් කරගත් පසු එම ලිපි මොස්කව්වලට රැගෙන ගියා. එම ලිපි ලිව්වේ කවුද සහ ඊට හේතුව කුමක්ද කියා දැනගැනීමට ඉතිහාසඥ හෙන්රික් ඊබල් ඒවා අධ්‍යයනය කළා. පසුව ඔහු සොයාගත් තොරතුරු පොතක සඳහන් කළා.—Briefe an Hitler.

“ගුරුවරුන්, ශිෂ්‍යයන්, පූජකයන්, රැකියා විරහිත අය, ව්‍යාපාරිකයන්, නාවික හමුදාවේ උසස් නිලධාරීන් සහ සාමාන්‍ය සොල්දාදුවන් යන සියලුදෙනාම හිට්ලර්ට ලිපි ලියා තිබුණා. සමහරු හිට්ලර් ගැන හිතුවේ මෙසියස් නැවත ඉපදිලා කියලයි. තවත් අය ඔහුව සැලකුවේ දුෂ්ටයෙක් විදිහටයි” කියා හෙන්රික් එම පොතේ සඳහන් කළා. පූජකයන් ලියූ ලිපි රාශියක් එහි තිබුණත් නාට්සිවරුන් කළ දුෂ්ට ක්‍රියා හෙළාදකිමින් ඔවුන් ලියූ ලිපි එහි තිබුණේ කිහිපයක් පමණයි.

ජර්මනියේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව සිදු කරන වධ හිංසා ගැන සඳහන් කරමින් ඔවුන් ලියූ ලිපි ඇතුළත් ලිපි ගොනුවක්ද හෙන්රික්ට සොයාගැනීමට හැකි වුණා. ඇත්තෙන්ම රටවල් 50ක පමණ සිටින සාක්ෂිකරුවන් ලිපි සහ විදුලි පණිවිඩ 20,000ක් පමණ හිට්ලර්ට යවා තිබුණා. නාට්සිවරුන් සාක්ෂිකරුවන් දහස් ගණනක්ව අත්අඩංගුවට ගෙන තිබුණා. සිය ගණනක්ව මරා දැමුවා. සමහරුන්ට අමානුෂික ලෙස සැලකූ නිසා ඔවුන් මිය ගියා. ඉතිහාසඥ හෙන්රික් ඔහුගේ වාර්තාව අවසානයේදී මෙසේ සඳහන් කළා. “නාට්සි පාලනය නිසා බැට කෑ මිලියන ගණන් අතරින් සාක්ෂිකරුවන් සිටියේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් සාක්ෂිකරුවන් එක්සත්ව හා ස්ථිරව නාට්සිවරුන්ගේ බලපෑමට යටත් නොවුණු නිසා ඔවුන් අපේ ගෞරවය ලැබීමට වටිනවා.”