Skip to content

පටුනට යන්න

‘දෙවිව දැන හඳුනා ගැනීමට’ ඔබට හැකියි

‘දෙවිව දැන හඳුනා ගැනීමට’ ඔබට හැකියි

දෙවිට ළං වෙන්න

‘දෙවිව දැන හඳුනා ගැනීමට’ ඔබට හැකියි

දෙවිව දැන හඳුනා ගැනීමට ලැබී තිබෙන අවස්ථාව මිල කළ නොහැකි නිධානයක් හා සමානයි. එම නිධානය ලබාගැනීමෙන් මනසේ සාමය ඇතුව සිටීමටත් සන්තෝෂවත් මෙන්ම තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටත් හැකි වෙනවා. ඒ සම්බන්ධයෙන් හිතෝපදේශ 2:1-6හි ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසූ දේ සොයා බැලීම වැදගත්.

‘දෙවිව දැන හඳුනා ගන්නවා’ කියද්දී ඊට දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් බයිබලයේ ඇති සත්‍යයන් දැනගැනීම අයත් වෙනවා. (හිතෝපදේශ 2:5) බයිබලයේ ඇති එවන් සත්‍යයන් කිහිපයක් දැන් අපි සලකා බලමු.

සත්‍යය තොරතුරු. දෙවිගේ නම කුමක්ද? (ගීතාවලිය 83:18) මරණයේදී සිදු වන්නේ කුමක්ද? (ගීතාවලිය 146:3, 4) මිනිසා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද? (උත්පත්ති 1:26-28; ගීතාවලිය 115:16) එවැනි වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ සඳහන් වෙනවා. එම පිළිතුරු දැනගැනීමට ලැබීම මිල කළ නොහැකි නිධානයක් හා සමානයි කියා ඔබට සිතෙන්නේ නැද්ද!

නැණවත් උපදෙස්. ජීවත් විය හැකි හොඳම ආකාරය ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. සාර්ථක යුග දිවියක් ගත කළ හැකි ආකාරය (එෆීස 5:28, 29, 33), වගකීමෙන් වැඩ කිරීමට දරුවන්ව පුහුණු කළ හැකි ආකාරය (ද්විතීය කතාව 6:5-7; එෆීස 6:4) සහ ජීවිතය සතුටින් ගත කළ හැකි ආකාරය (මතෙව් 5:3; ලූක් 11:28) ඉන් කිහිපයක් පමණයි. ඒවා අවබෝධ කරගැනීමට ලැබීම මොන තරම් වටිනවාද?

දෙවි ගැන සත්‍යය තොරතුරු. දෙවි ගැන නිවැරදි තොරතුරු දැනගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ බයිබලයයි. එහි මෙවැනි වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙනවා. දෙවිව දකින්න පුළුවන්ද? (යොහන් 1:18; 4:24) ඔහු අප ගැන සැලකිලිමත්ද? (1 පේතෘස් 5:6, 7) ඔහු සතු ගුණාංග සමහරක් මොනවාද? (නික්මයාම 34:6, 7; 1 යොහන් 4:8) එම පිළිතුරු දැනගැනීම මොන තරම් වටිනවාද කියා සිතා බලන්න.

දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට වෑයමක් දරන්න අවශ්‍යයි. ඊට හේතුව ලෙස සලමොන් පවසන්නේ එය ‘සැඟවුණු නිධානයක්’ කියායි. (හිතෝපදේශ 2:4) නිධානයක් කිසිම වෑයමක් දරන්නේ නැතුව ලබාගන්න බැහැ. දෙවි පිළිබඳ දැනුමත් ඒ හා සමානයි. එය තිබෙන්නේ බයිබලයේ නිසා බයිබලය අධ්‍යයනය කර දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට දැඩි වෑයමක් දැරිය යුතුයි.

‘දෙවිව දැන හඳුනා ගැනීමට’ අප “අදිටන්” කළ යුතු බව සලමොන් පැවසුවා. (හිතෝපදේශ 2:1, 2) “හඬ නඟා අයැදින්න” සහ “දිගටම ඒ දේවල් සොයන්න” කියා සඳහන්ව තිබීමෙන් පැහැදිලි වෙන්නේ අප උනන්දුවෙන් ඒ සඳහා පියවර ගත යුතු බවයි. (හිතෝපදේශ 2:3, 4) ඒ අනුව බයිබලයේ සඳහන් වටිනා තොරතුරු දැනගැනීම සඳහා අප ඉතා උනන්දුවෙන් එය අධ්‍යයනය කිරීමට වෑයම් කළ යුතුයි.—ලූක් 8:15.

අප එසේ කළොත් යෙහෝවා දෙවිද අපට අවශ්‍ය උපකාරය ලබා දෙනවා. “ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 2:6) බයිබලයේ සඳහන් සත්‍යයන් තේරුම්ගැනීමට අපට උපකාර කරන්න පුළුවන් දෙවිට පමණයි. (යොහන් 6:44; ක්‍රියා 16:14) ඔබ බයිබලය අධ්‍යයනය කිරීමට අවංක වෑයමක් දරනවා නම් ‘දෙවිව දැන හඳුනා ගැනීමට’ හැකි වන බව ස්ථිරයි. එය අමිල වස්තුවක්.—හිතෝපදේශ 2:10-21. *

ඔක්තෝබර් මාසයට නියමිත බයිබල් කියවීම:

හිතෝපදේශ 1 සිට 21 දක්වා

[පාදසටහන]

^ 8 ඡේ. බයිබලයේ තිබෙන දේ අවබෝධ කරගැනීමට ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, අය කිරීමකින් තොරව බයිබලයේ සඳහන් දේ අන් අයට පහදා දෙනවා. ඔවුන්ව හමු වී හෝ මෙම සඟරාවේ හතරවෙනි පිටුවේ ඇති ලිපිනයට ලියා තොරතුරු දැනගන්න ඔබට හැකියි.