Skip to content

පටුනට යන්න

නිවැරදි මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද?

නිවැරදි මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද?

නිවැරදි මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද?

“මට වයස අවුරුදු 10ක් වෙද්දී මම පිරිමි ළමයි එක්ක එහේ මෙහේ යන්න පටන්ගත්තා. ඊටපස්සේ ඒ අයත් එක්ක විවිධ ලිංගික ක්‍රියාවල යෙදුණා. හැබැයි මම ඒ අයත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ. අවුරුදු 15දී මම රස්සාවක් කරන්න පටන්ගත්තා. එතැන හිටිය අයත් එක්ක මම ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ අය කියන කියන දේට මම කැමති වුණා. මම එහෙම කළේ ඒ අයත් එක්ක යාළුවන් වගේ ඉන්න ඕන වුණ නිසයි. ඒත් ඒකෙන් වුණේ වැඩි වැඩියෙන් ලිංගික සම්බන්ධකම් පවත්වන්න සිද්ධ වෙච්ච එක විතරයි.”—ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සාරා. *

ඉහත සිද්ධිය කියවන විට ඔබ පුදුම වෙන්න ඇති. සාරා එලෙස හැසිරුණේ ඇගේ දෙමාපියන් ඇයට ආගම දහම ගැන උගන්වන්න උපරිම උත්සාහයක් දරන අතරතුරයි.

අද බොහෝදෙනා සදාචාරය සම්බන්ධයෙන් විකෘති අදහස් දරනවා. ඔවුන් සිතන්නේ ආගම්වලින් උගන්වන දේවල් යල් පැන ගොස් ඇති බවයි. ඒ නිසා සදාචාරය ගැන බයිබලයේ තිබෙන තොරතුරුද යල් පැන ගොස් ඇති බව එවැනි අය සිතනවා. ආගම දහමට ළැදිව සිටින අතරතුරේ අනාචාර ජීවිතයක් ගත කිරීමේ වරදක් නැහැ යන අදහස දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

ලිංගික කාරණා ගැන බයිබලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් විය යුතුයි කියා ඔබ සිතනවාද? බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා ඇති නිසා එහි ඇති දේ ඉගෙනගැනීමෙන් ප්‍රයෝජන ලැබෙනවා. (2 තිමෝති 3:16) මිනිසුන්ව නිර්මාණය කළේ දෙවි බවත් බයිබලය ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියැවී ඇති පොතක් බවත් ඔබ විශ්වාස කළත් නැතත් ලිංගික කාරණා ගැන එහි සඳහන් දේ දැනගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි.

සමහර ආගමික නායකයන් ලිංගික කාරණා ගැන එකිනෙකට පරස්පර විරෝධී අදහස් උගන්වනවා. ඔවුන් පවසන්නේ ඒවා බයිබලය මත පදනම් ඉගැන්වීම් කියායි. ඒ නිසා ලිංගික කාරණා ගැන බයිබලයේ උගන්වන්නේ කුමක්ද කියා බොහෝදෙනෙක් දන්නේ නැහැ.

ලිංගික කාරණා ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා සොයා බලන්න ඔබ කැමතිද? ලිංගික කාරණා ගැන මතු වන ප්‍රශ්න දහයක් හා ඊට බයිබලය මත පදනම් පිළිතුරු ඊළඟ ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම ලිංගික කාරණා ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තුන්වෙනි ලිපියේ සඳහන් වෙනවා.

[පාදසටහන]

^ 2 ඡේ. නම වෙනස් කර ඇත.