Skip to content

පටුනට යන්න

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද?

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද?

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද?

ලොව පුරා ක්‍රිස්තියානීන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද? වර්ෂ 2010 වන විට ලොව පුරා ක්‍රිස්තියානීන් බිලියන 2.3ක් පමණ සිටි බවත් ඔවුන් ක්‍රිස්තියානි ආගම් 41,000කට අයිති වූ බවත් එක් පොතක සඳහන් වුණා. ඒ සෑම ආගමකටම විවිධ විශ්වාසයන් හා නීති තිබෙනවා. ක්‍රිස්තියානි ආගම් එතරම් විශාල සංඛ්‍යාවක් තිබෙන්නේ ඇයි කියා බොහෝදෙනෙක් කල්පනා කරනවා. ඒ සියලුම ක්‍රිස්තියානීන් යේසුස්ගේ අනුගාමිකයන් කියා පැවසිය හැකිද?—එම පොත Atlas of Global Christianity.

සැබෑ ක්‍රිස්තියානි ආගම හඳුනාගත හැකි ආකාරය ගැන තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. ඔබට වෙනත් රටකට යන්න අවශ්‍යයි කියා සිතන්න. නමුත් ඊට පෙර ඔබ ඔබේ අනන්‍යතාව ගැන බලධාරීන්ට පැහැදිලි කර දිය යුතුයි. ගුවන් ගමන් බලපත්‍රය ඒ සඳහා අත්‍යවශ්‍යයි. ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබෙනවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට එය ඔප්පු කිරීමට සාක්ෂි තිබිය යුතුයි. එම සාක්ෂි මොනවාද?

“ක්‍රිස්තියානීන්” යන වචනය භාවිත කිරීම ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 44දියි. ඉතිහාසඥයෙක් හා බයිබල් ලේඛකයෙක් වූ ලූක් ඒ ගැන මෙසේ සඳහන් කරනවා. “ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියා මුලින්ම හැඳින්වීමට පටන්ගත්තේ අන්තියෝකියේදීය.” (ක්‍රියා 11:26) එහිදී ක්‍රිස්තියානීන් ලෙස හැඳින්නුවේ යේසුස්ගේ අනුගාමිකයන්වයි. යේසුස්ගේ අනුගාමිකයෙක් වීම යන්නෙන් අදහස් කරන්නේ “තමන් වෙනුවෙන් ජීවිතය පිදූ තැනැත්තා වන යේසුස් වෙනුවෙන් කොන්දේසි විරහිතව මුළු ජීවිතයම කැප කිරීම” බව එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. ඒ අනුව කිසිදු කොන්දේසියක් නැතුව මුළු ජීවිතයම යේසුස්ගේ ඉගැන්වීම් හා උපදෙස්වලට අනුව හැඩගස්වාගන්නා කෙනෙක් සැබෑ ක්‍රිස්තියානියෙක් කියා පැවසිය හැකියි.—එම ශබ්දකෝෂය The New International Dictionary of New Testament Theology.

ක්‍රිස්තියානි ආගම් මෙතරම් ප්‍රමාණයක් තිබෙන නිසා සැබෑ ක්‍රිස්තියානි ආගම හඳුනාගන්නේ කොහොමද? තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගන්නා ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද? ඊට පිළිතුර ඔබේ බයිබලයෙන්ම සොයා බලන ලෙස අප ඔබට ආරාධනා කරනවා. මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපිවල තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි ආකාරය ගැන යේසුස් පැවසූ කරුණු පහක් සාකච්ඡා කරනවා. යේසුස්ගේ මුල් අනුගාමිකයන් එම කරුණුවලට එකඟව ජීවත් වූ ආකාරය සහ අද ඊට එකඟව ජීවත් වන්නේ කවුද කියා අපි එහිදී සලකා බලමු.