Skip to content

පටුනට යන්න

බොහෝදෙනා සිතන දේ

බොහෝදෙනා සිතන දේ

බොහෝදෙනා සිතන දේ

“යේසුස් ගැන එක් එක් කෙනා විවිධ මත දරනවා. ඒ කුමන මත දැරුවත් හැමෝටම තියෙන ප්‍රශ්නය ‘ඇත්තටම ඔහු කවුද’ යන්නයි.”—ලේඛකයෙකු වන ස්ටැන් ගත්රී.

යේසුස් ගැන බොහෝදෙනා තුළ කුතුහලයක් තිබෙනවා. ඔහු ගැන ලියා ඇති පොත් ඉතා ජනප්‍රියයි. ඔහුගේ චරිතය අළලා නිෂ්පාදනය කර ඇති චිත්‍රපටි ආදායම් වාර්තා බිඳ දමා තිබෙනවා. ඒ වුණත් බොහෝදෙනෙකුට තවමත් යේසුස් ගැන විවිධ ප්‍රශ්න තිබෙනවා.

වසර කිහිපයකට කලින් වාර්තාකරුවන් දෙදෙනෙක් අන්තර්ජාලය හරහා සමීක්ෂණයක් පැවැත්වුවා. “යේසුස් කවුද” කියා ඔවුන් මහජනයාගෙන් ඇසුවා. එම ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු පහත සඳහන් වෙනවා.

● “දයානුකම්පාව ගැන හොඳම ආදර්ශය ඔහුයි. ඔහු ගුරුවරයෙක්.”

● “ඔහු සාමාන්‍ය මිනිසෙක්. නමුත් ඔහු ජීවත් වූ ආකාරය වෙනස්.”

● “යේසුස් කියා කෙනෙක් සිටි බව පැවසීමට සාක්ෂි නැහැ.”

● “යේසුස් දෙවිගේ පුත්‍රයායි. ඔහු ඉපදුණේත් මිය ගියේත් නැවත නැඟිට්ටේත් අපව පාපයෙන් ගලවාගැනීමටයි. ඔහු අදටත් ජීවත් වෙනවා. ඔහු ආයෙත් පොළොවට එනවා.”

● “දෙවිගේ එකම පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් කියලා මම පිළිගන්නවා. ඔහු මනුෂ්‍යත්වය හා දේවත්වය ලැබූ කෙනෙක්.”

● “යේසුස්ගේ චරිතය ළමයි වෙනුවෙන් හදපු සුරංගනා කතාවක්.”

ඒ සියලු අදහස් නිවැරදි විය නොහැකියි. එසේනම් යේසුස් ගැන සත්‍ය තොරතුරු දැනගැනීමට ක්‍රමයක් තිබෙනවාද? බයිබලය දෙවිගේ වචනය කියා මෙම සඟරාවේ ප්‍රකාශකයන් වන අප පිළිගන්නවා. ඒ නිසා යේසුස් ගැන සත්‍යය දැනගත හැකි එකම ක්‍රමය එය අධ්‍යයනය කිරීම බව අප විශ්වාස කරනවා. *2 තිමෝති 3:16.

යේසුස් ගැන බොහෝදෙනා අසන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ඊළඟ ලිපියේ සඳහන් වෙනවා. එය කියවා බලන ලෙස අප ඔබට ආරාධනා කරන්න කැමතියි. ගැලවීම ලැබෙන්නේ යේසුස් ‘කෙරෙහි විශ්වාසය තබන අයට’ පමණයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 3:16) ඒ නිසා යේසුස් ගැන තවදුරටත් ඉගෙනගත යුතුද සහ ඔහු කෙරෙහි විශ්වාසය තබන බව පෙන්විය හැක්කේ කොහොමද කියා ඔබම කල්පනා කරන්න.

[පාදසටහන]

^ 11 ඡේ. තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ දෙවන පරිච්ඡේදය බලන්න.