Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

නිලධාරියෙක් සමඟ සැතපුම් දෙකක් යන්න කියා යේසුස් පැවසුවේ ඇයි?

යේසුස් සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී මෙවැනි යෝජනාවක් කළා. “යම් නිලධාරියෙකු සැතපුමක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතපුම් දෙකක් යන්න.” (මතෙ 5:41) යේසුස් එහිදී සඳහන් කළේ බලධාරීන් තමන්ට කරන්න කියා බල කරන අත්‍යවශ්‍ය සේවාවන් ගැන කියා එය අසාගෙන සිටි අය තේරුම්ගන්න ඇති.

ඊශ්‍රායෙල් දේශය පළමු ශතවර්ෂයේ පාලනය කළේ රෝමය විසිනුයි. රෝම නිලධාරීන් සතුන් ලවා පමණක් නොව මිනිසුන් ලවා බලහත්කාරයෙන් වැඩ කරගැනීමට පසුබට වුණේ නැහැ. ඔවුන් පුරුදුව සිටියේ අණ කිරීමටයි. සීමොන් නමැති පුද්ගලයාට යේසුස්ගේ වධකණුව රැගෙන යෑමට බල කිරීම ඊට එක් උදාහරණයක්. (මතෙ 27:32) ඔවුන් වැඩ ගත්තේ ඉතාමත් කෲර ආකාරයෙනුයි. බොහෝදෙනා ඊට දැඩි අකමැත්තක් දැක්වුවා. විශේෂයෙන්ම යුදෙව්වන් ඒ ගැන මහත් කෝපයෙන් සිටියා.

යම් බරක් රැගෙන යන්න කියා නිලධාරීන් අණ කළ දුරට වඩා වැඩි දුරක් බර රැගෙන යන්න කෙනෙක් කැමති වුණා කියා නම් සිතන්න බැහැ. නමුත් නිලධාරියෙක් සමඟ සැතපුම් දෙකක් යන්න කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ ඔවුන් සමඟ කෝප නොවී ඔවුන් කරන්න කියා අණ කරන අත්‍යවශ්‍ය සේවාවන් කැමැත්තෙන් ඉටු කරන ලෙසයි.—මාක් 12:17.

බයිබලයේ සඳහන් වන අන්නස් කවුද?

බයිබලයේ අන්නස්ව හඳුන්වන්නේ නායක පූජකයා ලෙසයි. (ලූක් 3:2; යොහන් 18:13; ක්‍රියා 4:6) යේසුස්ගේ නඩු විභාගය පැවැත්වූ කාලයේදීත් ඔහු එම ධූරය දැරුවා. උත්තම පූජක කායෆස්ගේ මාමණ්ඩිය ඔහුයි. අන්නස් ක්‍රිස්තු වර්ෂ හය හෝ හත පමණ සිට ක්‍රි.ව. 15 දක්වා උත්තම පූජකයා ලෙස සේවය කළා. පසුව රෝම ආණ්ඩුකාර වැලරියස් ග්‍රාටුස් ඔහුව එම ධූරයෙන් නෙරපා දැමුවා. නමුත් හිටපු උත්තම පූජකයා ලෙස ඔහුට ඉන් පසුත් විශාල බලයක් තිබුණා. ඔහුගේ පුත්‍රයන් පස්දෙනෙක් හා ඔහුගේ බෑනාද උත්තම පූජකයන් ලෙස සේවය කළා.

සාමාන්‍යයෙන් උත්තම පූජකයා ලෙස පත් වන තැනැත්තා ඔහුගේ මරණය දක්වාම එම තනතුර දරනවා. (ගණන් කතාව 35:25) නමුත් ඊශ්‍රායෙල්වරුන් රෝම පාලනය යටතට පත් වූ පසු එය වෙනස් වුණා. උත්තම පූජකයාව පත් කරන්නත් නෙරපා දමන්නත් රෝම පාලකයන්ට හැකියාව තිබුණා. ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසීෆස් වාර්තා කරන ආකාරයට සිරියාවේ රෝම ආණ්ඩුකාර කිරිනියස් ක්‍රි.ව. හයේදී හෝ හතේදී එවකට සිටි උත්තම පූජකයාව ඉවත් කර ඒ වෙනුවට අන්නස්ව පත් කළා. ඉන් පැහැදිලි වන තවත් දෙයක් වන්නේ රෝමවරුද උත්තම පූජකයන්ව පත් කරන විට ඒ සඳහා තෝරාගත්තේ පූජකයන් ලෙස සේවය කරමින් සිටි අයවයි.

අන්නස්ගේ පවුලේ අය ඉතා කෑදර හා ධනවත් අයයි. ඔවුන් එසේ ධනවත් වුණේ පූජා සඳහා විකුණන පරෙවියන්, බැටළුවන්, තෙල් සහ වයින්වලින් ලැබුණු ආදායමෙනුයි. දේවමාලිගාව තුළ සිදු කළ එම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම පාලනය කළේ ඔවුන් විසිනුයි. අන්නස්ගේ පුතා වන අනනුස්ගේ සේවකයන් ගැන ජොසීෆස් මෙසේ වාර්තා කරනවා. “ඔවුන් තක්කඩියන්. ඔවුන් බලහත්කාරයෙන් මිනිසුන්ගෙන් දසයෙන් කොටස ලබාගත්තා. දසයෙන් කොටස දීම ප්‍රතික්ෂේප කළ අයට ඔවුන් පහර දුන්නා.”