Skip to content

පටුනට යන්න

යොවුන් ඔබට

දෙවි අසාධාරණ මිනිසුන්ට කැමති නැහැ

දෙවි අසාධාරණ මිනිසුන්ට කැමති නැහැ

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: ආහබ්, යෙසබෙල්, නාබොත්, එලියා

සාරාංශය: මිනී මරලා මිදි වත්තක් ගන්න යෙසබෙල්, ආහබ් රජව පෙලඹෙව්වා.

1 සිතින් මවාගන්න.—1 රාජාවලිය 21:1-26 කියවන්න.

මේ චරිත හතර ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද?

ආහබ් ․․․․․

යෙසබෙල් ․․․․․

නාබොත් ․․․․․

එලියා ․․․․․

පහ, හය, හත පදවල තියෙන විදිහට ආහබ් සහ යෙසබෙල් කතා කරන්න ඇත්තේ කොයි විදිහටද?

․․․․․

දහතුන්වෙනි පදයේ කියන විදිහට ඒ අවස්ථාවේ කොයි වගේ කලබලයක් තියෙන්න ඇද්ද?

․․․․․

විසිවෙනි පදයේ ඉඳලා විසිහයවෙනි පදයේ තියෙන විදිහට ආහබ් සහ එලියා කතා කරන්න ඇත්තේ කොයි විදිහටද?

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

හත්වෙනි පදයේ සහ විසිපස්වෙනි පදයේ කියන විදිහට යෙසබෙල් කොයි වගේ කෙනෙක්ද?

․․․․․

හතරවෙනි පදයේ කියන විදිහට ආහබ් කොයි වගේ කෙනෙක්ද?

․․․․․

නාබොත්ගේ මිදි වත්ත ගන්න ආහබ් මැරුවේ තව කාවද? (2 රාජාවලිය 9:24-26 කියවන්න.)

․․․․․

ආහබ් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්න ඇත්තේ කොහොමද? (25 සහ 26වෙනි පද කියවන්න; 1 රාජාවලිය 16:30-33 කියවන්න.)

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

අසාධාරණ දේවල් ගැන යෙහෝවා දෙවි හිතන්නේ කොහොමද?

․․․․․

අසාධාරණයට මුහුණ දෙන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?

․․․․․

යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද? (ද්විතීය කතාව 32:4 කියවන්න.)

․․․․․

4 මේ ගැනත් සිතන්න.

අද ඉන්න සමහර අය යෙසබෙල් වගේ කියලා කියන්න පුළුවන් කොහොමද? (එළිදරව් 2:18-21 කියවන්න.)

․․․․․

එලියා වගේ අපිත් නිර්භීත වෙන්න ඕනේ මොන වගේ වෙලාවලදීද?

․․․․․

අසාධාරණ දෙයක් දකිද්දී නැත්නම් ඔයාට ඒ වගේ දෙයක් වෙද්දී ඔයා මතක තියාගන්න ඕනේ මොකද්ද?

․․․․․

5 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

යෝජනාවක්. වාර්තාකරුවෙක් මේ කතාව විස්තර කරන විදිහට කතාව ආයෙත් හදන්න. ප්‍රධාන චරිතයි සිද්ධිය දැක්ක අයයි එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න.

www.pr418.com වෙබ් අඩවිය බලන්න

වෙබ් අඩවියෙන් බයිබලය කියවන්න

මෙම ලිපියේ පිටපත් අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න