Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

අනික් අයගේ දේවල්වලට ආස වෙන්න එපා

අනික් අයගේ දේවල්වලට ආස වෙන්න එපා

මොනවා හරි දෙයක් ගන්න ඔයාටත් කවදා හරි ආසාවක් ඇති වෙලා තියෙනවද? * හුඟක් අයට එහෙම ආසාවන් ඇති වෙනවා. හැබැයි ඔයා ආස දේ ගන්න බොරුවක් කිව්වට කමක් නැද්ද?— එහෙම කරන එක වැරදියි. ඉස්සර කාලේ ජීවත් වෙච්ච ගෙහාසී කියලා කෙනෙක් ඒ වගේ දෙයක් කළා. එයා යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරපු එලිෂාගේ සේවකයෙක්.

එලිෂාත් ගෙහාසීත් ජීවත් වුණේ යේසුස් මේ පොළොවට එන්න ගොඩක් කාලෙකට කලින්. හුඟක් පුදුම දේවල් කරන්න දෙවි එලිෂාට බලය දීලා තිබුණා. ඒ නිසා ලාදුරු රෝගය හැඳිලා හිටිය නාමන්ව සනීප කරන්න එලිෂාට පුළුවන් වුණා. නාමන් කියන්නේ සිරියාවේ හමුදාපතියෙක්. එයාගේ ලෙඩේ සනීප වුණ නිසා එයා හිටියේ හුඟක් සතුටින්.

ඒ නිසා නාමන් එලිෂාට වටින තෑගි ගොඩක් දුන්නා. හැබැයි එලිෂා ඒවා ගත්තේ නැහැ. ඔයා දන්නවද ඒ ඇයි කියලා?— එලිෂා එහෙම කළේ නාමන්ව සනීප කරන්න බලය දුන්නේ යෙහෝවා දෙවියි කියලා එලිෂා දැනගෙන හිටිය නිසයි. හැබැයි ගෙහාසීට ඒ තෑගි ගන්න ආස හිතුණා.

ඉතින් නාමන් පිටත් වෙලා ගියාට පස්සේ ගෙහාසී එලිෂාට කියන්නෙත් නැතුව නාමන්ව හම්බවෙන්න ගියා. ඔයා දන්නවද ගෙහාසී ගිහින් නාමන්ට කිව්වේ මොනවද කියලා?— එයා මෙහෙම කිව්වා. ‘අමුත්තන් දෙන්නෙක් මගේ ස්වාමියාගේ ගෙදරට දැන් ආවා. ඒ අයට දෙන්න රිදී තලෙන්තයකුයි ඇඳුම් කට්ටල දෙකකුයි දෙන්න පුළුවන්ද කියලා මගේ ස්වාමියා ඇහුවා.’

හැබැයි එලිෂා එහෙම දෙයක් කියලා තිබුණේ නැහැ. ගෙහාසී, නාමන්ට කිව්වේ ලොකු බොරුවක්. එයා එහෙම කිව්වේ නාමන් ළඟ තිබුණ වටිනා දේවල් ගන්න එයාට ආස හිතුණ නිසයි. එලිෂා එහෙම දෙයක් කියන්න ඇති කියලා හිතාගෙන නාමන් හරිම සතුටින් ගෙහාසී ඉල්ලුව දේවල්වලටත් වඩා වැඩියෙන් දුන්නා. ඊට පස්සේ මොකද වුණේ කියලා දැනගන්න ඔයා ආසද?

ගෙහාසී ගෙදර ගියාට පස්සේ එලිෂා එයාගෙන් ඇහුවා ‘ඔයා කොහේද ගියේ’ කියලා. එතකොට ගෙහාසී කිව්වා ‘මම කොහේවත් ගියේ නැහැ’ කියලා.

හැබැයි සිද්ධ වුණේ මොකද්ද කියලා යෙහෝවා දෙවි එලිෂාට දන්නලා තිබුණ නිසා ගෙහාසී කිව්වේ බොරුවක් කියලා එලිෂා දැනගත්තා.

ගෙහාසී එයාට අයිති නැති දේවල් ගත්තා විතරක් නෙමෙයි බොරුත් කිව්වා. ඒ නිසා යෙහෝවා දෙවි එයාට ලාදුරු ලෙඩේ හැදෙන්න සැලැස්සුවා. ඒ කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?— අපි කවදාවත් අනික් අයගේ දේවල් ගන්නවත් බොරු කියන්නවත් හොඳ නැහැ.

ගෙහාසී ඒ වගේ බොරුවක් කිව්වේ ඇයි?— එයාට අනික් අයගේ දේවල් ගන්න ලොකු ආසාවක් ඇති වුණා. ඒ නිසා බොරුවක් කියලා හරි ඒක ගන්න එයා උත්සාහ කළා. ඒකට දඬුවමක් හැටියට ජීවිත කාලෙම ලාදුරු රෝගයෙන් දුක් විඳින්න එයාට සිද්ධ වුණා.

ඒ විතරක් නෙමෙයි ගෙහාසීට ඊටත් වඩා වටින දේකුත් නැති වුණා. ඒ මොකද්ද කියලා ඔයා දන්නවද?— එදා ඉඳලා ගෙහාසීට යෙහෝවා දෙවිගේ ආදරයත් දෙවිත් එක්ක තිබුණ යාළුකමත් නැති වුණා. අපි පරෙස්සම් වුණේ නැත්නම් අපිටත් ඒ දේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කවදාවත් ගෙහාසී වගේ වෙන්නේ නැතුව අපිට තියෙන දේවල් අනික් අයත් එක්ක බෙදාගන්න පුරුදු වෙමු.

බයිබලයෙන් කියවා බලන්න

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.