Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්: අරුත්බර දිවියක් සිහිනයක් නොවෙයි

ඔබ ගෙවන්නේ අරුත්බර දිවියක්ද?

ඔබ ගෙවන්නේ අරුත්බර දිවියක්ද?

“සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි. එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත.”—ගීතාවලිය 90:10.

ඒ වදන් කොච්චර ඇත්තද! ජීවත් වෙන කෙටි කාලෙදී අපි කවුරුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. එහෙම වෙද්දී ජීවිතයේ අර්ථය මොකක්ද කියලා හිතෙන්න පුළුවන්.

අවුරුදු 84ක් වයස මාරියාගේ ජීවිතේ ගැන ටිකකට බලන්න. එයා දුවලා පැනලා වැඩ කරපු කෙනෙක්. ඒත් දැන් එයාට කිසිම දෙයක් තනියෙන් කරගන්න බැහැ. එයාගේ අත පය වාරු නෑ. මාරියාට එයාගේ ජීවිතේ ගැන මොනවා හිතෙනවා ඇද්ද? එයා ගත කරන්නේ අර්ථවත් ජීවිතයක් කියලා හිතන්න එයාට හේතුවක් තියෙනවාද?

ඔයා ගත කරන්නේ අර්ථවත් ජීවිතයක් කියලා ඔයාට හිතෙනවාද? සමහරවිට හැමදාම ඔයාට එකම විදිහේ දේවල් කරන්න වෙන නිසා ජීවිතය නිරසයි, වෙහෙසකරයි කියලා හිතෙනවා ඇති. මැරීගෙන වැඩ කළාට කවුරුත් ඒක අගය කරන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. දැන් දේවල් හොඳින් කරගෙන ගියාට සමහරවිට අනාගතය ගැන හිතේ ලොකු භයක් ඇති. එහෙම නැත්නම් තනිකමක්, කනස්සල්ලක් දැනෙනවා ඇති. පවුල් ජීවිතේ නිතරම අඬදබර ඇති වෙනවා නම් හිතේ සැනසීමක් නැතුව ඇති. නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරපු කෙනෙක් මිය ගිහින් ඇති. ඒ වගේ දේකට මුහුණ දීපු කෙනෙක් තමයි ඔන්ඩ්‍රේ. නොහිතපු විදිහට එයාගේ තාත්තා අසනීප වෙලා මිය ගියා. ඔන්ඩ්‍රේ එයාගේ තාත්තට ගොඩක් කිට්ටු නිසා තාත්තා නැති පාළුව කවදාවත් මැකෙන එකක් නැහැ කියලා එයාට හිතුණා.

මොන දේකට මුහුණ දෙන්න සිදු වුණත් අරුත්බර ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න මීට අවුරුදු 2,000කට විතර කලින් ජීවත් වුණු කෙනෙක් ගැන බලමු. ඔහු යේසුස් ක්‍රිස්තුස්. ඔහු ගත කළේ අර්ථවත් ජීවිතයක්. ඔහුව ආදර්ශයට ගත්තොත් අපේ ජීවිතයත් අර්ථවත් වෙයි.