Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ තිබුණ දේවමාලිගාව ක්‍රිස්තු වර්ෂ 70 පස්සේ නැවත ගොඩනැඟුවද?

යෙහෝවා දෙවිගේ මාලිගාවේ සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:2) රෝම හමුදාව ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ කරපු වෙලාවේ ඒ අනාවැකිය ඉටු වුණා. පසුව ඒ දේවමාලිගාව නැවත ගොඩනඟන්න ජූලියන් අධිරාජ්‍යයා අදහස් කළා.

මහ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ ඥාති පුතෙක් වුණ ඔහුට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබුණා. ඒත් ක්‍රි.ව. 361දී අධිරාජ්‍යයා වුණාට පස්සේ ඔහු ඒ අධ්‍යාපනයත් බොරු ඉගැන්වීම් ඇතුළත් වෙලා තිබුණ ක්‍රිස්තියානි ආගමත් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළා. ජූලියන්, රෝමයේ හිටපු ක්‍රිස්තියානි නොවූ අන්තිම පාලකයායි.

ජූලියන්, ක්‍රිස්තියානි ආගම හුඟක් පිළිකුල් කළා. එහෙම කළේ, ඔහුට වයස අවුරුදු හයේදී එහි සාමාජිකයන් ඔහුගේ තාත්තවත් පවුලේ අනිත් අයවත් මරලා දානවා ඔහු දැක්ක නිසා වෙන්න ඇති. ඉතිහාසඥයන් කියන්නේ ජූලියන් යුදෙව්වන්ට තමන්ගේ දේවමාලිගාව නැවත ගොඩනඟන්න උනන්දු කළා කියලයි. ඒකෙන් ඔහු බලාපොරොත්තු වුණේ යේසුස් බොරු අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කරන්නයි. *

ජූලියන් දේවමාලිගාව නැවත ගොඩනඟන්න අදහස් කළා කියන එක ස්ථිරයි. ඒත් ඒ ගොඩනැඟීමේ වැඩ ඔහු ආරම්භ කළාද, එහෙම කළා නම් ඒක නතර කරලා දැම්මේ ඇයි කියන කාරණා ගැන ඉතිහාසඥයන්ට තියෙන්නේ ප්‍රශ්නයක්. හැබැයි එක දෙයක් නම් ස්ථිරයි. ජූලියන් පාලනය පටන් අරන් අවුරුදු දෙකක් යන්නත් කලින් ඔහුව මරා දැම්මා. දේවමාලිගාව ගොඩනඟන ව්‍යාපෘතියත් ඔහුත් එක්කම මිය ගියා.

යේසුස්ගේ කාලයේ දේවමාලිගාව මේ විදිහට තියෙන්න ඇති

^ 5 ඡේ. යේසුස් කිව්වේ දේවමාලිගාව විනාශ වෙනවා කියලයි. ඒක ක්‍රි.ව. 70දී සිදු වුණා. දේවමාලිගාව නැවත කවදාවත් ගොඩනඟන්නේ නැහැ කියලා යේසුස් කිව්වේ නැහැ.