Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

කියවන්න වටින පොතක්!

කියවන්න වටින පොතක්!

ලොව පුරා වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත බයිබලයයි. බයිබලය ඒ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇයි? එක හේතුවක් තමයි අපි වගේ මිනිසුන්ගේ ජීවිත අද්දැකීම් බයිබලයේ තියෙන එක. ඒ වගේම මිනිසුන්ට දෙවියන් එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද කියලත් ඒකේ තියෙනවා. ඒ නිසා බයිබලයෙන් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. බයිබලය ලියලා තියෙන්නේ සරලව හා පැහැදිලිවයි. භාෂා ගණනකට ඒක පරිවර්තනය කරන්නත් ඕනම කෙනෙක්ට ඒක කියවලා තේරුම්ගන්නත් පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. බයිබලයේ තියෙන වටිනා ප්‍රතිපත්ති එදාට වගේම අදටත් අදාළයි.

බයිබලය දෙවියන් ගැන තොරතුරු හෙළි කරන පොතක් විතරක් නෙමෙයි දෙවියන්ගෙන්ම ලැබුණු පොතක්. ඔහුගේ නම, පෞද්ගලිකත්වය වගේම ඔහු මිනිසුන්ව හා පොළොව නිර්මාණය කරපු හේතුවත් ඒකේ තියෙනවා. ඒ වගේම යහපත හා නපුර අතර අතීතයේ ඉඳලා තිබුණු අරගලය අවසන් කරමින් යහපත ජය ගන්න විදිහත් බයිබලයේ තියෙනවා. ඒ නිසා විවෘත මනසකින් බයිබලය කියවන කෙනෙකුට දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්නත් බලාපොරොත්තුවක් ඇති කරගන්නත් පුළුවන්.

බයිබලයේ තියෙන තොරතුරු වෙන කොහෙන්වත් හොයාගන්න බැහැ. උදාහරණයකට:

  • මිනිසුන්ගේ ආරම්භය හා මිනිසුන් දුක් වේදනා විඳීමට හේතුව

  • මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ

  • යේසුස් අපි වෙනුවෙන් කරපු දේ

  • මිනිසුන්ගේ හා මේ පොළොවේ අනාගතය

ඊළඟ ලිපි කියවලා බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා දැනගන්න ඔබ කැමතිද?