Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

මිය ගිය අයට ආපහු ජීවිතය ලැබෙයිද?

තද නින්දක ඉන්න කෙනෙක්ට කිසිම දෙයක් දැනෙන්නෙවත් කිසිම දෙයක් කරන්නවත් බැහැ. මරණයත් හරියට ඒ වගේ. ඒත් මිනිසුන්ව නිර්මාණය කරපු දෙවියන්ට පුළුවන් මිය ගිය අයට ආපහු ජීවිතය දෙන්න. යේසුස් මේ පොළොවේ ඉද්දී මිය ගිය කිහිපදෙනෙක්වම දෙවියන්ගේ බලයෙන් නැවත නැඟිටවපු එකෙන් ඒක තහවුරු වුණා.—දේශනාකාරයා 9:5; යොහන් 11:11, 43, 44 කියවන්න.

මරණය නින්දකට සමාන වෙන්නේ කොහොමද?

දෙවියන්ගේ මතකයේ ඉන්න මිය ගිය අයව නැවත නැඟිටුවලා ඒ අයට පාරාදීස පොළොවක ජීවිතය දෙන්න දෙවියන් පොරොන්දු වෙනවා. ඒක කරන්න දෙවියන්ට නියමිත කාලයක් තියෙනවා. ඒ කාලයේදී සියලු බලය හිමි දෙවියන් මිය ගිය අයව නැවත නැඟිටුවන්න බලාගෙන ඉන්නේ හරිම ආශාවෙන්.—යෝබ් 14:14, 15 කියවන්න.

මිය ගිය අයට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද?

කෙනෙක් මිය ගියාම එයාගේ ශරීරය දිරාපත් වෙනවා. ඒත් දෙවියන්ට පුළුවන් අලුත් ශරීරයක් දීලා ඒ කෙනාවම නැවත නැඟිටුවන්න. ඒ නිසා නැවත නැඟිටින අයට තමන්වම අඳුරගන්න පුළුවන් වෙනවා වගේම මිතුරන්ට හා පවුලේ අයටත් එයාලව අඳුරගන්න පුළුවන් වෙනවා.—1 කොරින්ති 15:35, 38 කියවන්න.

දෙවියන් ටිකදෙනෙකුව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්නයි. (එළිදරව් 20:6) හැබැයි හුඟදෙනෙක්ව නැවත නැඟිටුවන්නේ මේ පොළොවේම ජීවත් වෙන්නයි. ඒ අය පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව අලුතෙන්ම ජීවිතේ පටන්ගන්නවා.—ගීතාවලිය 37:29; ක්‍රියා 24:15 කියවන්න.