Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මරණය ජීවිතයේ අවසානයද?

නොමැරී ඉන්න උත්සාහ කළ මිනිසුන්

නොමැරී ඉන්න උත්සාහ කළ මිනිසුන්

චිං ෂී හුවාං අධිරාජ්‍යයා

දේශ ගවේෂක හ්වාන් පොන්සෙ දෙ ලෙඕන්

මරණය භයානක සතුරෙක්. ඒ සතුරාගෙන් බේරෙන්න අපි කාටවත් බැහැ. ඒක තදින්ම දැනෙන්නේ අපි හුඟක් ආදරය කරපු කෙනෙක් ඒ සතුරාට ගොදුරු වුණාමයි. ඒ අහිමි වීම පිළිගන්න එක පහසු නැහැ. තරුණ ජවය තියෙන කාලයේදී නම් අපි කවුරුත් හිතන්නේ, ඒ සතුරා අපේ ජීවිතය උදුරගන්න එකක් නැහැ කියලයි. ඒත් ඒක මුළාවක්.

ඉපැරණි ඊජිප්තුවේ පාලකයන් නොමැරී ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්න අපමණ වෙහෙසක් දැරුවා. ඒ අය තමන්ගේ ජීවිත කාලය වගේම සේවකයන් දහස් ගණනකගේ ජීවිත කාලයත් ඒ වෙනුවෙන් වැය කළා. ඒත් ඒ සිහිනය සැබෑ වුණේ නැහැ. අදටත් ඊජිප්තුවේ තියෙන විශාල පිරමිඩ ඒ අසාර්ථක උත්සාහය ගැන සාක්ෂි සපයනවා.

චීනයේ අධිරාජ්‍යවරුනුත් නොමැරී ජීවත් වෙන ක්‍රමයක් හෙව්වා. ඔවුන් ඒ සිහිනය සැබෑ කරගන්න හැදුවේ අමෘතය පානය කරලයි. චිං ෂී හුවාං කියන අධිරාජ්‍යයා රස විද්‍යාඥයන්ට අණ කළා නොමැරී ඉන්න පුළුවන් බෙහෙතක් හදන්න කියලා. ඒ අය බෙහෙත් හදන්න විෂ සහිත රසදියත් පාවිච්චි කළා. සමහරවිට අධිරාජ්‍යයා මැරෙන්න ඇත්තෙත් ඒ බෙහෙතක් නිසා වෙන්න ඇති.

නොමැරී ජීවත් වෙන්න සිහින මවපු තවත් කෙනෙක් තමයි ක්‍රිස්තු වර්ෂ 16වෙනි සියවසේ හිටපු හ්වාන් පොන්සෙ දෙ ලෙඕන් කියන ස්පාඤ්ඤ ගවේෂකයා. එයා තරුණකම රැක දෙන දිය උල්පතක් හොයාගෙන ගියා. ඒ ගමනේදී ඇමරිකාවේ ෆ්ලොරිඩාව හොයාගත්ත හ්වාන් අවුරුදු කීපයකට පස්සේ එහේ හිටිය ආදිවාසීන් එක්ක කළ සටනකින් මිය ගියා. ඔහුගේ සිහිනයත් බොඳ වුණා.

පාලකයන්, අධිරාජ්‍යවරුන් හා ගවේෂකයන් යන හැමෝම සිහින මැව්වේ නොමැරී ජීවත් වෙන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් කරපු සමහර දේවලට අපි අකමැති වුණත් නොමැරී ජීවත් වෙන්න ඒ අය වගේම අපිත් ආසයි.

සදාකාල ජීවිතය සිහිනයක් විතරද?

අපි මැරෙන්න අකමැති ඇයි? ඒකට හේතුව බයිබලයේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. යෙහෝවා දෙවියන් * “සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.” (දේශනාකාරයා 3:11) ඒ නිසා අපි කැමති අවුරුදු 80ක් වගේ කෙටි කාලයක් ජීවත් වෙන්න නෙමෙයි මේ පොළොවේ සතුටින් සදහටම ජීවත් වෙන්නයි.ගීතාවලිය 90:10.

අපි හැමෝම මැරෙනවා නම් ඇයි අපිව නිර්මාණය කරද්දී දෙවියන් සදහටම ජීවත් වීමේ ආශාව අපේ හිත්වලට දැම්මේ? අපිට දුකක් දෙන්නද? දෙවියන් කවදාවත් එහෙම කරන්නේ නැහැ. මරණය නැති ජීවිතයක් දෙන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන බයිබලයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. “මරණයේ පරාජය” යන කොටුව බලන්න.

ඒ පොරොන්දුව ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) යේසුස්ගේ ඒ වදන්වලින් පැහැදිලි වෙන්නේ දෙවි පියාණන් මරණය කියන සතුරාව නැති කරනවා කියලයි. ඒ නිසා සදහටම ජීවත් වෙන එක සිහිනයක් නෙමෙයි.

^ 9 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.