Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යාච්ඤා කරන්න ඕනෙද?

මිනිස්සු යාච්ඤා කරන්නේ ඇයි?

මිනිස්සු යාච්ඤා කරන්නේ ඇයි?

ඔබ නිතරම යාච්ඤා කරන කෙනෙක්ද? ආගමක් දහමක් නැති අය පවා යාච්ඤා කරනවා. නැත්නම් භාවනා කරනවා. හුඟදෙනෙක් එහෙම කරන්නේ ඇයි? ප්‍රංශයේ කරපු සමීක්ෂණයකට අනුව ඒ රටේ වැසියන්ගෙන් අඩක්ම එහෙම කරන්නේ “හිතට සහනයක්” බලාපොරොත්තුවෙන්. යුරෝපයේ ඉන්න හුඟදෙනෙක් වගේම ඒ අයත් යාච්ඤාව සලකන්නේ දෙවියන්ට කරන නමස්කාරයක් විදිහට නෙමෙයි. ඒ වෙනුවට ඔවුන් හිතන්නේ යාච්ඤාව “හිත සන්සුන් කරගන්න” කරන දෙයක් කියලයි. තවත් සමහර අය දෙවියන්ට යාච්ඤා කරන්නේ කරදරේක වැටුණම. ඉක්මනින්ම පිළිතුරක් ලබාගන්නයි.යෙසායා 26:16.

ඔබ හිතන්නෙත් එහෙමද? ඔබ දෙවියන්ව විශ්වාස කරන කෙනෙක් නම් යාච්ඤා කරන එකෙන් ඔබේ ජීවිතයට යහපතක් වෙලා තියෙනවාද? එහෙම නැත්නම් යාච්ඤාවලට පිළිතුරු ලැබිලා නැහැ කියලා හිතනවාද? බයිබලයේ යාච්ඤාව ගැන කියන දේ හොයලා බැලුවොත් ඒක ඔබේ හිතට සහනයක් දෙන දේකට වඩා දෙවියන්ට ළං වෙන්න ලැබිලා තියෙන දායාදයක් කියලා ඔබට තේරෙයි.