Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

හරි ගිය තැන් අඩුයි වැරදුණ තැන් වැඩියි

හරි ගිය තැන් අඩුයි වැරදුණ තැන් වැඩියි

අනාගතය ගැන දැනගන්න ඔබ කැමතිද? හුඟදෙනෙක් කැමතියි. අනාගතයේ වෙන දේවල් ගැන කියන හැම දෙයක්ම ඉෂ්ට වෙනවාද?

  • විද්‍යාඥයන් සංකීර්ණ උපකරණ යොදාගෙන, ලොකු මුදලක් යට කරලා අනාගතයේ සිද්ධ වෙන හුඟක් දේවල් ගැන, එනම් පරිසර දූෂණය පොළොවට බලපාන විදිහ, කාලගුණ අනාවැකි වගේ දේවල් ගැන කියනවා.

  • ප්‍රවීණ විශ්ලේෂකයන් දේශපාලන හා ව්‍යාපාර ක්ෂේත්‍රවල සිද්ධ වෙන්න පුළුවන් වෙනස්කම් ගැන කලින් කියනවා. ලෝකයේ ධනවත්ම ආයෝජකයෙක් වන වොරන් බෆට් ව්‍යාපාර ක්ෂේත්‍රයට සිද්ධ වෙන දේවල් ගැන හරියටම කියන නිසා ඔහුව අනාවැකි කියන්නා කියලා හඳුන්වනවා. තවත් විශ්ලේෂකයෙක් වන නේට් සිල්වර් සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කරලා ඇමරිකාවේ හැම ක්ෂේත්‍රයකම සිද්ධ වෙන දේවල් ගැන, ඒ කියන්නේ දේශපාලනය, හොලිවුඩ් සම්මානලාභීන් වගේ හැම දෙයක් ගැනම කියනවා.

  • පැරණි මූලාශ්‍රයන් අනාවැකි හැටියට සලකනවා. 16වෙනි සියවසේ හිටිය මිෂෙල් ඩී. නොට්‍රඩෑම්ගේ ලියවිලි පැහැදිලි නැතත් සමහරු ඒවා සලකන්නේ අනාවැකි හැටියටයි. මායා දින දර්ශනය 2012 දෙසැම්බර් 21න් අවසන් වෙන නිසා එදාට ලෝක විනාශයක් එනවා කියලා ඔවුන් අනාවැකි පළ කළා.

  • ආගමික නායකයන් ලෝකෙට දරුණු විපත් එනවා කියලා අනතුරු අඟවලා මිනිසුන්ව රැස් කරගන්නවා. හැරල්ඩ් කැම්පිං සහ ඔහුගේ ගෝලයෝ 2011දී ලෝක විනාශය එනවා කියලා ප්‍රචාරය කළා. ඒත් දැන් 2014ත් වෙලා!

  • අධිමානසික බලයක් තියෙනවා කියන අය තමන්ට අනාගතය ගැන කියන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා කියනවා. එඩ්ගර් කේසි සහ ජීනී ඩික්සන් 20වන සියවසේ සිද්ධ වෙන සමහර සිද්ධීන් නිවැරදිව කිව්වත් කියපු හැම දේම ඉටු වුණේ නැහැ. උදාහරණයකට ඩික්සන් 1958දී තුන්වෙනි ලෝක මහා යුද්ධය ඇති වෙයි කියලත් කේසී 1970 ගණන්වලදී නිව් යෝක් නගරය මුහුදට බිලි වෙයි කියලත් කිව්වා.

අනාගතය ගැන හරියටම දැනගන්න ක්‍රමයක් තියෙනවාද? එහෙම දැනගන්න හැකියාවක් තියෙනවා නම් ඒක ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් වෙයි.