Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

ඇත්තටම මේ පොළොව පාලනය කරන්නේ කවුද?

දෙවියන් පාලනය කරනවා නම් මේ පොළොවේ මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද?

හුඟක් අය හිතන්නේ දෙවියන් මේ පොළොව පාලනය කරනවා කියලා. එහෙනම් මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද? (ද්විතීය කතාව 32:4, 5) බයිබලයේ කියන්නේ මුළු ලෝකයම දුෂ්ටයෙක්ගේ බලපෑමට යටත්ව තියෙනවා කියලයි.—1 යොහන් 5:19 කියවන්න.

දුෂ්ට කෙනෙක් මිනිසුන්ව පාලනය කරන්න පටන්ගත්තේ කොහොමද? මිනිසුන්ගේ ආරම්භයේදීම දේවදූතයෙක් දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. ඒ දේවදූතයා මුල් මිනිස් යුවළවත් එහෙම කරන්න පෙලඹුවා. (උත්පත්ති 3:1-6) ඔහු තමයි සාතන්. දෙවියන්ට අකීකරු වුණ ඒ යුවළ සාතන්ව තමන්ගේ පාලකයා කරගත්තා. ඒත් අපේ පාලකයා වීමේ අයිතිය තියෙන්නේ අපිව නිර්මාණය කරපු දෙවියන්ටයි. ඔහු කැමති අපි ඔහුට තියෙන ප්‍රේමය නිසා ඔහුගේ පාලනය පිළිගන්නවාටයි. (ද්විතීය කතාව 6:6; 30:16, 19) සාතන් මුල් මිනිස් යුවළව නොමඟ යැව්වා වගේ හුඟදෙනෙක්වත් නොමඟ යවලා තියෙන නිසා ඒ අය දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.—එළිදරව් 12:9 කියවන්න.

මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්නේ කවුද?

දිගටම සාතන්ට පාලනය කරන්න දෙවියන් ඉඩහරියිද? නැහැ. සාතන් නිසා මේ ලෝකයට වෙලා තියෙන හානිය දෙවියන් යේසුස් මගින් නැති කරනවා.—1 යොහන් 3:8 කියවන්න.

සාතන්ව විනාශ කරන්න දෙවියන් යේසුස්ට බලය දෙනවා. (රෝම 16:20) ඊටපස්සේ දෙවියන්ගේ පාලනය යටතේ ඔහු මුලින් අරමුණු කළ විදිහට මිනිසුන්ට ප්‍රීතිමත් කාලයක් උදා වෙනවා.—එළිදරව් 21:3-5 කියවන්න.