Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස්ගේ මරණය සිහි කරන්න ඕන ඇයි?

යේසුස්ගේ මරණය නිසා අනාගතයේදී ලැබෙන්නේ මොනවාද?—යෙසායා 25:8; 33:24

යේසුස් මිය ගියේ මිනිසුන්ට සදහටම ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්න නිසා ඔහුගේ මරණය ඉතිහාසයේ වැදගත්ම දෙයයි. මිනිසුන්ව නිර්මාණය කළේ වැරදි දේවල් කරන්නවත්, ලෙඩ වෙන්නවත්, මැරිලා යන්නවත් නෙමෙයි. (උත්පත්ති 1:31) ඒත් මුල් මිනිසා වුණ ආදම් නිසා මිනිසුන්ට පාපය උරුම වුණා. ඒ පාපයෙන් හා මරණයෙන් අපිව මුදවගන්න යේසුස් දිවි පිදුවා.—මතෙව් 20:28; රෝම 6:23 කියවන්න.

අපි වෙනුවෙන් මිය යන්න තමාගේ පුත්‍රයාව එවලා දෙවියන් අතිමහත් ප්‍රේමයක් පෙන්නුවා. (1 යොහන් 4:9, 10) රොටි සහ වයින් යොදාගෙන චාම් විදිහට තමන්ගේ මරණය සිහි කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. හැම අවුරුද්දෙම එහෙම කරන එකෙන් දෙවියන් හා යේසුස් පෙන්නුව ප්‍රේමය අගය කරන්න අපිට පුළුවන්.—ලූක් 22:19, 20 කියවන්න.

රොටි සහ වයින් ගන්න සුදුසු අය කවුද?

යේසුස් ඔහුගේ මරණය සිහි කරන්න කියලා ගෝලයන්ට කියපු වෙලාවේ ගිවිසුමක් ගැන කතා කළා. (මතෙව් 26:26-28) ඒ ගිවිසුම නිසා ටිකදෙනෙක්ට යේසුස් එක්ක ස්වර්ගයේ පූජකයන් හා රජවරුන් හැටියට පාලනය කරන්න ප්‍රස්තාව උදා වුණා. මිලියන ගණන් දෙනෙක් යේසුස්ගේ මරණය සිහි කළත් රොටි කන්නේ හා වයින් බොන්නේ ඒ ගිවිසුමට අයිති අය විතරයි.—එළිදරව් 5:10 කියවන්න.

අවුරුදු 2,000ක් වගේ කාලයක් පුරා යෙහෝවා දෙවියන් රජවරුන් වෙන්න සුදුසු අයව තෝරමින් ඉන්නවා. (ලූක් 12:32) පොළොවේ සදහටම ජීවත් වෙන අය එක්ක බලද්දී ඒ අයගේ ගණන ස්වල්පයයි.—එළිදරව් 7:4, 9, 17 කියවන්න.