Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

යක්ෂයා කියන්නේ කවුද?

ඔයා කියන්නේ මොකක්ද? යක්ෂයා . . .

  • නොපෙනෙන කෙනෙක්ද?

  • කෙනෙක් තුළ තියෙන නපුරු සිතුවිල්ලක්ද?

  • මිනිසුන් හිතෙන් හදාගත්ත කෙනෙක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

යක්ෂයා යේසුස් එක්ක කතා කරලා ඔහුව ‘වරදකට අහු කරගන්න හැදුවා.’ (මතෙව් 4:1-4) ඒ නිසා යක්ෂයා හිතෙන් හදාගත්ත කෙනෙක්වත් නපුරු සිතුවිල්ලක්වත් නෙවෙයි. නොපෙනෙන බලවත් දුෂ්ට කෙනෙක්.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • යක්ෂයා කලින් ශුද්ධ දේවදූතයෙක්. ඒත් “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ.” (යොහන් 8:44) ඔහු බොරු කියලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා.

  • සාතන්ගේ කැරලිගැහීමට තවත් දේවදූතයන් එකතු වුණා.—එළිදරව් 12:9.

  • යක්ෂයා හුඟක් මිනිසුන්ගේ මනස් අන්ධ කරලා තමන් ඉන්නවා කියන එක සඟවලා තියෙනවා.—2 කොරින්ති 4:4.

මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?

සමහරු කියනවා යක්ෂයා පාලනය කරනවා කියන එක බොරුවක් කියලා. තවත් අය බය වෙනවා තමන්ට යක්ෂයා ආවේශ වෙයි කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා.’ (1 යොහන් 5:19) මුළු මිනිස් වර්ගයාටම බලපෑමක් කෙරුවත් යක්ෂයා එක් එක් කෙනාව පාලනය කරන්නේ නැහැ.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බලපෑම වැඩි කරන්න යක්ෂයා මිනිසුන්ව නොමඟ යවනවා.—2 කොරින්ති 11:14.

  • මිනිසුන්ට ආවේශ වෙලා ඔවුන්ව පාලනය කරන්නත් භූතයන්ට පුළුවන්.—මතෙව් 12:22.

  • දෙවියන්ගේ උදව්වෙන් සාර්ථකව ‘යක්ෂයාට විරුද්ධ වෙන්න’ ඔයාට පුළුවන්.—යාකොබ් 4:7.