Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

ආගම් මිනිස්සු හදාගත්ත දෙයක්ද?

සමහරු හිතනවා ආගම් කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් කියලා. තවත් අය හිතනවා දෙවියන් ආගම් හදලා තියෙන්නේ මිනිසුන්ව හරි පාරට ගන්න කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක්” විදිහට දෙවියන් දකින ආගමක් තියෙනවා. (යාකොබ් 1:27) ඒ පවිත්‍ර ආගම හැදුවේ දෙවියන්මයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ව සතුටු කරන්න පුළුවන් වෙන්නේ බයිබලයේ තියෙන සැබෑ දැනුම මත පදනම් ආගමෙන් විතරයි.—යොහන් 4:23, 24.

  • මිනිසුන්ගේ අදහස් මත පදනම් ආගම් සැබෑ ආගම් විදිහට පිළිගන්න බැහැ.—මාක් 7:7, 8.

ආගමක් අදහන්නම ඕනෙද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.’ (හෙබ්‍රෙව් 10:24, 25) දෙවියන් කැමති ඔහුට නමස්කාර කරන අය හොඳින් සංවිධානය වුණ සෙනඟක් විදිහට ඔහුට නමස්කාර කරනවාටයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට නමස්කාර කරන අයගේ විශ්වාසයන්වල එකඟතාවයක් තියෙන්න ඕනේ.—1 කොරින්ති 1:10, 11.

  • දෙවියන් අනුමත කරන ආගමට අයිති අය ලෝකෙ පුරාම ඉන්න එක්සත් පවුලක් විදිහට ඔහුට නමස්කාර කරනවා.—1 පේතෘස් 2:17.