Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

සමහරු හිතනවා දේවරාජ්‍යය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් කියලා. තවත් අය හිතනවා දේවරාජ්‍යය කියන්නේ ලෝකයට සාමය ගේන්න මිනිසුන් එකතු වෙලා හදාගන්න ඕනෙ දෙයක් කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු [මිනිසුන්ගේ] රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’ (දානියෙල් 2:44) දේවරාජ්‍යය කියන්නේ සැබෑ ආණ්ඩුවක්.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දේවරාජ්‍යය පිහිටුවලා තියෙන්නේ ස්වර්ගයේ.—මතෙව් 10:7; ලූක් 10:9.

  • දෙවියන් තමන්ගේ කැමැත්ත ස්වර්ගයෙත් පොළොවෙත් ඉටු කරන්නේ දේවරාජ්‍යය මගිනුයි.—මතෙව් 6:10.

දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?

ඔයා කියන්නේ මොකක්ද?

  • කවුරුත් දන්නේ නැහැ

  • ළඟදීම

  • කවදාවත් එන්නේ නැහැ

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) ශුභාරංචිය ගැන හැමෝටම දැනුම් දුන්නාට පස්සේ දේවරාජ්‍යය මගින් මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න පියවර ගන්නවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියලා පොළොවේ ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ.—මතෙව් 24:36.

  • දේවරාජ්‍යය ළඟදීම පැමිණෙනවා කියලා බයිබලයේ අනාවැකිවල පැහැදිලිවම සඳහන් වෙනවා.—මතෙව් 24:3, 7, 12.