Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

චණ්ඩින්ගේ වදෙන් බේරෙන්න යෙහෝවාගේ අතේ එල්ලෙන්න

චණ්ඩින්ගේ වදෙන් බේරෙන්න යෙහෝවාගේ අතේ එල්ලෙන්න

චණ්ඩි අයගේ කරදර නිසා අපි මානසිකව වැටෙන්න පුළුවන්. එයාලා අපේ නමස්කාරයට විරුද්ධ වෙද්දී අපි බය වුණොත් යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීම දුර්වල වෙන්නත් පුළුවන්. චණ්ඩින්ගේ කරදරවලින් බේරෙන්න පුළුවන් කොහොමද?

යෙහෝවාගේ අතේ එල්ලුණ නිසා චණ්ඩින්ගේ වදෙන් බේරෙන්න ඔහුගේ සේවකයන් හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා. (ගීතා 18:17) උදාහරණෙකට එස්තර් ඒ වගේ කෙනෙක්. හාමාන් කියන දුෂ්ටයාගේ සැලසුම් හෙළි කරන්න එයා බය නැතුව කතා කළා. (එස්ත 7:1-6) හැබැයි ඊට කලින් නිරාහාරව ඉඳලා යෙහෝවා මත රඳලා ඉන්නවා කියලා පෙන්නුවා. (එස්ත 4:14-16) එස්තර් කරපු දේට යෙහෝවා ආශීර්වාද කරලා එයාවයි, එයාගේ සෙනඟවයි බේරගත්තා.

යෞවන දුවේ, පුතේ, චණ්ඩින්ගේ කරදරවලට ඔයාත් මූණ දෙනවාද? එහෙනම් මොනවාද කරන්න පුළුවන්? යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. අවබෝධයෙන් වැඩ කරන වැඩිහිටියෙක් එක්ක ඒ ගැන කතා කරන්න. සමහරවිට ඒ ඔයාගේ අම්මායි, තාත්තායි වෙන්න පුළුවන්. එතකොට එස්තර්ට වගේ යෙහෝවා ඔයාටත් උදව් කරයි. ඔයාට තව මොනවාද කරන්න පුළුවන්?

‘මගේ යෞවන කාලේ - ඉස්කෝලේ ළමයි කරදර කරනවා නම් . . . ’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • චාලි සහ ෆෙරින්ගෙන් යෞවන අයට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • චණ්ඩින්ගේ වදෙන් බේරෙන්න දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන්. චාලි සහ ෆෙරින් කියපු දේවල්වලින් ඒ ගැන දෙමව්පියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද