Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු

අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු

අධිකාරියක් තියෙන අය ගැන හුඟදෙනෙක්ට හොඳ හැඟීමක් නැහැ. ඒ ඇයි? මොකද ඉස්සර ඉඳන්ම මිනිස්සු බලය පාවිච්චි කළේ වැරදි විදිහට, එයාලාගේම වාසියට. (මීකා 7:3) ඒත් යෙහෝවා වැඩිමහල්ලන්ව පුහුණු කරලා තියෙන්නේ එයාලට දීලා තියෙන අධිකාරිය අපේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න. අපි ඒ ගැන කොච්චර සතුටු වෙනවාද!—එස්ත 10:3; මතෙ 20:25, 26.

වැඩිමහල්ලෝ එයාලට දීලා තියෙන වගකීම ඉටු කරන්නේ යෙහෝවාටයි, ඔහුගේ සෙනඟටයි තියෙන ආදරේ නිසා. (යොහ 21:16; 1පේතෘ 5:1-3) යේසුස් යටතේ වැඩ කරන වැඩිමහල්ලෝ අපි හැමෝම යෙහෝවාගේ පවුලේ සාමාජිකයෝ කියලා දැනෙන්න සලස්සනවා. ඒ වගේම යෙහෝවාට තව ළං වෙන්නත් උදව් කරනවා. හදිසි ප්‍රතිකාර ඕන වෙද්දී, ආපදාවකදී දුවන් ඇවිත් අපිව දිරිගන්නන්න ලෑස්ති පිට ඉන්නවා. ඉතින් උදව් ඕනෙ වෙද්දී බය නැතුව සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට කතා කරන්න.—යාකො 5:14.

‘දෙවියන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න එඬේරුන්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • වැඩිමහල්ලන් දුන්න උදව්වලින් මරියානා ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

  • වැඩිමහල්ලන් දුන්න උදව්වලින් ඉලිඉස් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

  • වීඩියෝ එක බැලුවාට පස්සේ වැඩිමහල්ලෝ අපි වෙනුවෙන් කරන දේවල් ගැන ඔයාට හිතුණේ මොනවාද?