Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා

තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා

අපි හැමෝටම දුක හිතෙන වෙලාවල් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ විශ්වාසය දුර්වල වෙලා කියලා. යෙහෝවාගේ හිතට දුක දැනුණ අවස්ථා ගැනත් බයිබලේ කියනවා. (උත් 6:5, 6) ඒත් අපිට නිතරම ලොකු දුකක් දැනෙනවා නම්, හැම වෙලේම ඉන්නේ දුකෙන් නම් මොකද කරන්නේ?

යෙහෝවාට කියන්න. අපි ඇත්තටම ඉන්නේ සතුටින්ද නැද්ද කියලා යෙහෝවා දන්නවා. මොකක් හරි දෙයක් ගැන අපි ඒ විදිහට හිතන්නේ ඇයි, ඒ විදිහට දැනෙන්නේ ඇයි කියලා ඔහුට තේරෙනවා. (ගීතා 7:9ආ) ඔහු අපි ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා අපි දුකෙන් ඉද්දී, සමහරවිට විෂාදයෙන් (ඩිප්‍රෙෂන්) වුණත් ඉද්දී ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න ඔහුට පුළුවන්.—ගීතා 34:18.

හිත ආරක්ෂා කරගන්න. අසුබවාදී සිතුවිලිවලට පුළුවන් අපේ සතුට හොරාගන්න, යෙහෝවා එක්ක තියෙන බැඳීම දුර්වල කරන්න. ඒ නිසයි අපේ හිත, නැත්නම් ඇතුළාන්තය ආරක්ෂා කරගන්න ඕනේ.—හිතෝ 4:23.

‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන් - මානසික අවපීඩනය මැද’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඩිප්‍රෙෂන් එකට හොඳින් මූණ දෙන්න නිකී මොනවාද කෙරුවේ?

  • බෙහෙත් ගන්න ඕනෙ කියලා එයාට හිතුණේ ඇයි?—මතෙ 9:12

  • නිකී යෙහෝවා මත රඳලා හිටියේ මොන විදිවලින්ද?