Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙමව්පියෙනි, ප්‍රඥාවන්ත වෙන්න දරුවන්ට උදව් කරන්න

දෙමව්පියෙනි, ප්‍රඥාවන්ත වෙන්න දරුවන්ට උදව් කරන්න

යෙහෝවා කියන දේවල් අදාළ කරගෙන ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන්. ඒක කරන්න හොඳම තැනක් තමයි රැස්වීම්. යෙහෝවා ගැන තව ඉගෙනගන්න, ඔහුගේ යාළුවෝ වෙන්න රැස්වීම්වලදී එයාලා අහන දකින දේවල්, දෙමාපියන් දෙන අදහස් එයාලට උදව් වෙනවා. (ද්වි 31:12, 13) ඔයා දෙමව්පියෙක් නම් රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

  • නමස්කාර මධ්‍යස්ථානයටම ගිහින් රැස්වීම්වලට හවුල් වෙන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්න.—ගීතා 22:22

  • රැස්වීම්වලට කලින් සහ පස්සේ ආශ්‍රය කරන්න කාලය ගන්න.—හෙබ්‍රෙ 10:25

  • රැස්වීමේ සාකච්ඡා කරන සඟරා, පොත් දරුවන්ට තියෙනවාද කියලා බලන්න. ඒවා ඩිජිටල් හරි මුද්‍රිත හරි වෙන්න පුළුවන්

  • එයාලාගේම වචනෙන් උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට ලෑස්ති වෙන්න උදව් කරන්න.—මතෙ 21:15, 16

  • රැස්වීම් ගැන වගේම ඉගෙනගන්න දේවල් ගැන ආදරයක්, ගෞරවයක් ඇති වෙන විදිහට කතා කරන්න

  • නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන වැඩවලට දරුවන්ව හවුල් කරගන්න. මහලු අය එක්ක කතාබහ කරන්න දිරිගන්නන්න

යෙහෝවාට ළං වෙන්න දරුවන්ට උදව් කරන එක ලේසි නැහැ. ඒක කරන්න ශක්තිය නැහැ, ඒක ලොකු බරක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් යෙහෝවා ඔයාට උදව් කරන්න බලන් ඉන්නවා කියලා අමතක කරන්න එපා.—යෙසා 40:29.

‘දෙමව්පියෙනි, යෙහෝවා දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සැක් සහ ලෙයා හෙම්බත් වෙලා හිටපු එක එයාලට බලපෑවේ කොහොමද?

  • දෙමව්පියන් යෙහෝවාගෙන් ශක්තිය ඉල්ලන්න ඕනෙ ඇයි?

  • සැක් සහ ලෙයා යෙහෝවා මත රඳලා හිටියේ මොන විදිවලින්ද