Skip to content

පටුනට යන්න

යාච්ඤා කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යාච්ඤා කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

පැමලා එයාට තිබුණු බරපතළ අසනීපෙට පිළිගත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තා. ඒ අතරතුරේදී ඒ අමාරු තත්වය දරාගන්න ශක්තිය ඉල්ලලා දෙවියන්ට යාච්ඤාත් කළා. යාච්ඤා කරපු එකෙන් එයාට ප්‍රයෝජන ලැබුණාද?

“පිළිකාවට ප්‍රතිකාර ගන්න ගිය හැම අවස්ථාවකදීම මට හුඟක් බය හිතුණා” කියලා පැමලා කියනවා. “ඒත් මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළාම මගේ හිත හුඟක් සන්සුන් වුණා. බය නැතුව ඒ තත්වයට මුහුණ දෙන්න මට පුළුවන් වුණා. මට තාමත් ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් යාච්ඤා කරපු එක මට උදව් වුණා මං ඉන්න තත්වෙට අනුව මගේ උපරිමයෙන් දේවල් කරන්න. ‘දැන් ඔයාට කොහොමද’ කියලා අනිත් අය මගෙන් අහද්දී මං කියනවා ‘මගේ ලෙඩේ හොඳ වෙලා නැති වුණත් මං ඉන්නේ හරිම සතුටින්’ කියලා.”

ඇත්ත, යාච්ඤා කරන්න බරපතළ අසනීපයක් හැදෙන කල් හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන කල් හරි ඉන්න ඕනෙ නැහැ. අපි හැමෝටම අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා පොඩි වුණත් ලොකු වුණත් ඒවාට හොඳින් මුහුණ දෙන්න හුඟක් වෙලාවට අපිට උදව් ඕන වෙනවා. යාච්ඤා කරන එකෙන් ඇත්තටම උදව් ලැබෙනවාද?

බයිබලේ මෙහෙම කියනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” (ගීතාවලිය 55:22) ඒ වචනවලින් අපිට මොන තරම් සහනයක් දැනෙනවාද! යාච්ඤා කරන එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඔයා හරි විදිහට දෙවියන්ට යාච්ඤා කරනවා නම් ඔයාට තියෙන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න ඕන කරන දේවල් ඔහු අනිවාර්යයෙන්ම ලබා දෙනවා.—“ යාච්ඤා කරලා ලබාගන්න පුළුවන් දේවල්” කියන කොටුව බලන්න.