Skip to content

පටුනට යන්න

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

ඔයා යාච්ඤා කරද්දී දෙවියන් ඒකට ඇහුම්කන් දෙනවා කියලා ඔයා හිතනවාද?

බයිබලේ කියන්නේ මොනවාද?

  • දෙවියන් ඇහුම්කන් දෙනවා. බයිබලේ මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. . . . උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.”—ගීතාවලිය 145:18, 19.

  • ඔයා දෙවියන්ට යාච්ඤා කරනවාට ඔහු කැමතියි. බයිබලේ අපිට මෙහෙම කියලා තියෙනවා. “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6.

  • දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවා. අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම, අපේ කනස්සල්ලට හේතු වන හැම දෙයක්ම දෙවියන් දන්නවා. ඒ වගේම ඔහුට ඕනෙ අපිට උදව් කරන්නයි. බයිබලේ කියන්නේ “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලයි.—1 පේතෘස් 5:7.