Skip to content

පටුනට යන්න

වෛරයෙන් මත් වුණ ලෝකයක්!

වෛරයෙන් මත් වුණ ලෝකයක්!

වසංගතයක් වගේ වෛරය ලෝකේ පුරාම පැතිරිලා.

සමහර අය ලියුම් යවලා, ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා, අනිත් අයට හිරිහැර කරලා එයාලගේ හිතේ තියෙන වෛරය පෙන්නනවා. මිනිස්සු කරන ඒ වගේ දේවල් ගැන නිතරම වගේ ප්‍රවෘත්තිවලින්, ජනමාධ්‍යයෙන් කතා කරනවා. සමහරු අනිත් අයට සලකන්නේ තිරිසනුන්ට වගේ. ඒ නිසා අනිත් අයව පහත් කරලා, දේපළවලට හානි කරලා එයාලට හිරිහැර කරපු සිද්ධි ගැන ඔයා ඕන තරම් අහලා ඇති. ඒ වගේ බැට කන අය ලෝකේ හැම තැනකම ඉන්නවා.

මේ සඟරාවෙන් වෛරයේ ගින්න නිවලා දාන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඒක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. මොකද මේ වෙද්දී ලෝකේ පුරාම ඉන්න ගොඩක් අය ඒක කරලා තියෙනවා.