Skip to content

පටුනට යන්න

වෙබ් අඩවියට යෝජනාවක්!

වෙබ් අඩවියට යෝජනාවක්!

මුල් පිටුවේ පළ වුණ ලිපි හොයාගන්න

අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් jw.org වෙබ් අඩවියේ මුල් පිටුවේ පළ වෙන ලිපි නිතරම සේවේදී පාවිච්චි කරනවා. මොකද අද සිද්ධ වෙන දේවල්වලින් බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ ඒ ලිපිවල පැහැදිලි කරනවා. අනිත් අය එක්ක ඒවා ෂෙයා කරන්නත් හරි ලේසියි. අපේ සහෝදරයෙකුත් කිව්වා “මේ ලිපි අපේ සේවේට හුඟක් වටිනවා. මොකද ඒවා ලැබෙන්නේ හරිම වෙලාවට” කියලා.

හැබැයි මුල් පිටුවේ තියෙන ලිපි විටින් විට අලුත් වෙනවා. එතකොට කලින් තිබුණ ලිපියක් ආයේ හොයාගන්නේ කොහොමද?

  • jw.org වෙබ් අඩවියේ මුල් පිටුවේ උඩ හරියට වෙන්න තියෙන “තවත්” කියන තැන ක්ලික් කරන්න. ඔයා ඉන්ටනෙට් යන්නේ ෆෝන් එකකින් නම් “විශේෂ” කියන කොටසට යටින් තියෙන “තවත්” කියන තැන ක්ලික් කරන්න. එතකොට “මෑතකදී මුල් පිටුවේ පළ වුණ ලිපි” කියන වෙබ් පිටුව ඇරෙයි. ළඟදී ආපු ලිපි ගොඩක් එතන තියෙනවා.

  • jw.org වෙබ් අඩවියේ හරි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ හරි “ලයිබ්‍රරි” කියන කොටසට ගිහින් ඒකේ “වෙබ් ලිපි” යටතේ තියෙන “තවත් ලිපි” කියන කොටස බලන්න. අලුතින් ආපු ලිපි ගොඩක් එතනත් තියෙනවා.