Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනයට යෝජනාවක්!

“අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසට හුරු වෙමු

‘JW ලයිබ්‍රරි’ එකේ සහ jw.org වෙබ් අඩවියේ තියෙන “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසේ අලුතින් එකතු වුණ ලිපි, වීඩියෝ සහ තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ කොටසට හුරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

‘JW ලයිබ්‍රරි’

  • අලුතින් ලිපියක් එකතු කරද්දී ඒ ලිපිය අයිති මොන කොටසටද, මොන ලිපි මාලාවටද කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒකේ ලිපි පෙළගස්සලා තියෙන්නේ මුදා හැරපු දිනය අනුවයි. අලුත්ම ලිපි තමයි ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ. ඒ විදිහට “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසින් ඒ ඒ ලිපි මාලාවට නැත්නම් කොටසට අදාළ අලුත්ම ලිපි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

  • සඟරා, පොත් වගේ දේවල් නම් එක දවසින් කියවන්න බැරි වෙයි. ඒ නිසා ඔයා සඟරාවක් නැත්නම් පොතක් සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වෙන කල් “ෆේවරිට්” කියන එකේ සේව් කරගන්න. එතකොට ඔයා තාම කියෙව්වේ නැත්තේ මොනවාද කියලා හොයාගන්න ඔයාට ලේසියි.

JW.ORG

නිවේදන, පුවත් වගේ සමහර දේවල් පළ වෙන්නේ jw.org වෙබ් අඩවියේ විතරයි. ඒවා ‘JW ලයිබ්‍රරි’ එකේ එන්නේ නැහැ. ඒ නිසා අලුත්ම ලිපි බලන්න නිතරම අපේ වෙබ් අඩවියේ තියෙන “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටස බලන්න අමතක කරන්න එපා.