Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

ඔයාට අදාළ කරගන්න පුළුවන් වටිනා මැණික් හොයන්න

ඔයාට අදාළ කරගන්න පුළුවන් වටිනා මැණික් හොයන්න

බයිබලේ කියවද්දී ඒ කියවන කොටස ගැන තව අධ්‍යයනය කරලා වටිනා මැණික් හොයාගන්න අපිට පුළුවන්. ඒත් බයිබල් කියවීමෙන් තව ප්‍රයෝජන ගන්න අපි මොනවාද කරන්න ඕනේ?

ගැඹුරටම හාරන්න. මේ කොටස ලිව්වේ කවුද, කාටද, කවදාද කියලා හොයන්න. මේ සිද්ධිය වුණේ මොන වගේ කාලෙකද, මේකට කලින් වුණේ මොකක්ද, පස්සේ වුණේ මොකක්ද කියලා හොයන්න.

ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන හිතන්න. ඒකට මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න. ‘මේ සිද්ධියේ ඉන්න චරිතවලට ඒ වෙලාවේ හැඟුණේ කොහොමද, එයාලාගේ ගතිගුණ මොනවාද, මං ඒ ගතිගුණ ජීවිතේට එකතු කරගන්න හරි ජීවිතෙන් අයින් කරගන්න හරි ඕනෙ ඇයි?’

අදාළ කරගන්න. ඉගෙනගත්ත දේවල් සේවේදී නැත්නම් අනිත් අය එක්ක වැඩ කරද්දී අදාළ කරගන්න. මොකද බයිබලේ කියනවා. “ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි” කියලා.—යොහ. 13:17.

  • යෝජනාවක්: අපි ඉගෙනගන්න තොරතුරු අදාළ කරගන්න සති මැද රැස්වීමේ දේවවචනය නිධානයක් කියන කොටස අපිට ලොකු උදව්වක්. ඒකේ අපිටම අහගන්න පුළුවන් ප්‍රශ්න, හිතන්න පැති වගේම අදාළ කරගන්න පුළුවන් පැති පෙන්නන ලස්සන පින්තූරත් දීලා තියෙනවා.