Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

ඔහුට කිව්වේ “බයිබල්” බ්‍රවුන් කියලයි

විලියම් ආර්. බ්‍රවුන්

ඔහුට කිව්වේ “බයිබල්” බ්‍රවුන් කියලයි
  • ඉපදුණේ 1879

  • බව්තීස්ම වුණේ 1908

  • තොරතුරු බටහිර අප්‍රිකාවේ දේශනා සේවය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළා.

1907දී පැනමා ඇළේ ඉදිකිරීම් කටයුතුවල හවුල් වෙමින් සිටි විලියම්, පාරේ කෙලවරක බයිබල් ශිෂ්‍යයෙක් වන අයිසායා රිචඩ් දේශනයක් දෙනවා දැක්කා. ඔහු රූප සටහන් යොදාගනිමින් දෙවිගේ අරමුණු ඉටු වන ආකාරය ගැනයි කතා කරමින් හිටියේ. මෙය තමයි සත්‍යය කියලා ඉක්මනින්ම වටහාගත් විලියම් ජැමෙයිකාවට ගොස් ඔහුගේ මවට සහ සහෝදරියට ඒ ගැන කිව්වා. ඔවුන්ද සත්‍යය පිළිගත්තා.

සහෝදර බ්‍රවුන් පැනමාවේ සේවය කරද්දී, දේශනයක් දීමට පැමිණි ඉවැන්ඩ ජේ. කවර්ඩ් නමැති සහෝදරයාව හමු වුණා. ඔහු විවිධ ප්‍රදේශවලට ගොස් දේශන ඉදිරිපත් කළ සහෝදරයෙක්. ඔහු ඉතා දක්ෂ කථිකයෙක් නිසා ඔහුගේ කතා අහන්න මිනිස්සු ඔහු වටා රොක් වුණා. සේවය කරන්න විලියම් තුළත් ලොකු ආශාවක් තිබෙනවා කියා දැක්ක කවර්ඩ්, ඔහු සමඟ ට්‍රිනීඩෑඩ්වලට එන්න කියා විලියම්ට ආරාධනා කළා.

ඊළඟට ගත වූ අවුරුදු 10කට ආසන්න කාලය තුළදී විලියම් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගොස් සහෝදරයන්ව ශක්තිමත් කරමින් පුරෝගාමි සේවය කළා. 1920දී ඔහු දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටි සහෝදරී ඇන්ටෝනියා සමඟ විවාහ වුණා. විවාහයෙන් දින 2කට පසුව ඔවුන් කුඩා දූපතක් වන මොන්ට්සරැට්වල සේවයට ගියා. ඒ යන විට “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” නමැති බයිබල් වැඩසටහන රැගෙන යන්නත් අමතක කළේ නැහැ. ඉන්පසුව බාර්බඩෝස්, ඩොමිනිකා සහ ග්‍රේනේඩා දූපත්වලටත් ගිය ඔවුන් විවාහ ජීවිතයේ මුල් කාලය ගත කළේ දෙවිගේ සේවයේ කඩිසරව හවුල් වෙමින්.

අවුරුදු 2කට පසු සහෝදර බ්‍රවුන්, සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සංවිධානය කළ සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ට මෙසේ සඳහන් කර ලිපියක් යැවුවා. “දෙවිගේ උදව්වෙන් මම කැරිබියන් දූපත්වල ඉන්න ගොඩක් අයට සත්‍යය දැනගන්න උදව් කළා. මම දිගටම ඒ ප්‍රදේශවලම වැඩ කරන්නද?” දින කිහිපයකට පස්සේ සහෝදර රදෆර්ඩ් ඔහුට මෙසේ පිළිතුරක් එව්වා. “ඔබේ බිරිඳ සහ දරුවා සමඟ සියරා ලියොන්වලට යන්න.”

බටහිර අප්‍රිකාවේ සේවය කළ අවුරුදු 27 තුළදී කාර්යාලයක ඉඳන් සේවයේ වැඩකටයුතු බලාගන්නවාට වඩා ඔහුගේ ආශාව වුණේ දේශනා සේවයේ හවුල් වීමයි. සෑම දෙයක්ම ඔහු බයිබලයෙන්ම ඉගැන්වූ නිසා මිනිස්සු ඔහුට කිව්වේ “බයිබල්” බ්‍රවුන් කියලයි.

වර්ෂ 1950දී සහෝදර බ්‍රවුන් සහ ඔහුගේ බිරිඳ නැවත ජැමෙයිකාවට යන විට ඔහුට අවුරුදු 71යි. ඔහු 1967දී පොළොවේ ගත කළ ජීවිතය අවසන් කරන තුරුම පුරෝගාමියෙක් ලෙස සේවය කළා. ඔහු පුරෝගාමි සේවය කොතරම් අගය කළාද කියනවා නම් එය සැලකුවේ මනුෂ්‍යයෙක්ට ලැබෙන උතුම් වරප්‍රසාදයක් ලෙසයි.