Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

“අවුරුද්දක් යන්න කලින් මැරෙයි”

සකේයස් මාටින්

“අවුරුද්දක් යන්න කලින් මැරෙයි”
  • ඉපදුණේ 1880

  • බව්තීස්ම වුණේ 1942

  • තොරතුරු පුරෝගාමී සේවය ආරම්භ කළේ වයස අවුරුදු 72දීයි.

සකේයස්ට සත්‍යය ලැබුණේ ‘දෙවිගේ වීණාව’ (The Harp of God) සහ ‘ගැලවීම’ (Salvation) යන සාක්ෂිකරුවන්ගේ පොත් දෙක කියවලයි. ඒ වෙනකොට කව්රුත් ඔහුට බයිබල් පාඩමක් කර තිබුණේ නැහැ.

1941 එක් ඉරිදා දවසක ඔහු මුල්ම වතාවට සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. ඒ ශාලාවට යන්න කිලෝමීටර් 8ක පමණ දුරක් පයින් යන්න සිදු වුණා. ඒකට ලොකු කන්දකින් බහින්නත් වුණා. ඔහු රැස්වීම පවත්වන වේලාව දැනගෙන හිටියේ නැති නිසා එතැනට ගිහින් තිබුණේ රැස්වීම් පවත්වන්න පැය කිහිපයකට කලිනුයි. සති තුනක් රැස්වීමට ගිය සකේයස් ඔහු කලින් ගිය පල්ලියෙන් ඔහුගේ නම ඉවත් කරන්න කියා එහි පූජකයාට දැනුම් දුන්නා.

ඒ පල්ලියට ගිය ඔහුගේ මිතුරෙක් තරහින් ඔහුට මෙහෙම කිව්වා. “ඔයා වගේ නාකි මනුස්සයෙක් රැස්වීම්වලට යන්න ඔය කන්ද නගින්නයි බහින්නයි ගියොත් අවුරුද්දක් යන්න කලින් මැරෙයි.” සකේයස් සතියට දෙවතාවක් අවුරුදු 5ක් පුරාම රැස්වීම්වලට යනවා එනවා දැක්ක ඔහුගේ මිතුරා නම් මිය ගියා. නමුත් සකේයස් තවත් අවුරුදු 25ක් පුරා නිරෝගීව හිටියා.

සකේයස් අවුරුදු 97දී මිය යන තුරුම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා.