Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

චිත්‍රපටිය බලන්නම ඕන වුණා

චිත්‍රපටිය බලන්නම ඕන වුණා

1956දී ෆ්‍රීටවුන් සභාවේ සහෝදරයන් ‘නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි’ (The New World Society in Action) කියන චිත්‍රපටිය පෙන්වීමට සැලසුම් කළා. ඒ ගැන ඔවුන් මෙහෙම කිව්වා.

“අපි ෆ්‍රීටවුන් නගරයේ තියෙන ලොකුම ශාලාව කුලියට ගත්තා. ආරාධනා පත් 1,000ක් බෙදා හැරියා. චිත්‍රපටිය පෙන්නන්න පැය භාගයකට කලින් ශාලාවට ඇවිත් හිටියේ 25දෙනෙක් විතරයි. ඊළඟ විනාඩි 15දී තව 100කට වඩා ආවා. ටික වෙලාවක් යද්දී ශාලාවේ පුටු 500ම පිරෙන්න සෙනඟ ආවා. තව 100දෙනෙක් විතර හිටගෙනත් හිටියා. තව 500දෙනෙක් විතර ඇතුළට එන්න බැරුව එළියට වෙලා බලන් හිටියා. ඒ වෙලාවේ හොඳටම වැස්සත් ඊළඟ දර්ශනය බලන්න ඒ 500දෙනාම එතනට වෙලා හිටියා.”

වසර ගණනාවක් පුරා සියරා ලියොන්වල 80,000කට වඩා වැඩි පිරිසක් මෙම චිත්‍රපටියත් මෙවැනි වෙනත් චිත්‍රපටිත් බලන්න පැමිණ තිබුණා.