Skip to content

පටුනට යන්න

2014 වාර්ෂික පදය

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”​—මතෙව් 6:10

2014 වාර්ෂික පදය

මීට අවුරුදු 100කට කලින් යෙහෝවා දෙවි, යේසුස්ව ස්වර්ගයේ රජ හැටියට පත් කළා. එදා සිට දෙවිගේ සේවකයන් දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන මහත් උනන්දුවෙන් අන් අයට ප්‍රකාශ කරනවා. යේසුස්ගේ පාලනය යටතේ මේ පොළොව පාරාදීසයක් වන හැටි මදක් සිතා බලන්න. ඒ කාලයේදී හැමෝම එකිනෙකාට ප්‍රේම කරනවා. තවදුරටත් අපරාධ, අසනීප, දුක් වේදනා සහ මරණය අද්දකින්න සිදු වන්නෙත් නැහැ.

ඉතාමත් ළඟදී ඒ හැම දෙයක්ම සැබෑ වන බව ස්ථිරයි. දෙවිගේ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන කාලයේදී දෙවි අරමුණු කර තිබෙන සෑම දෙයක්ම ඉටු වෙයි. ඒ නිසා දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරන්න. ඒ ගැන අනිත් අයටත් කියන්න. ඒ ආණ්ඩුවෙන් ඔබට ලැබෙන ආශීර්වාද ගැන නිතරම සිතන්න.