Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

හවුල් මෙහෙකරුවන් වෙත ඉමහත් සෙනෙහසින්,

සුවිශේෂී වසරක් වන 2014 මුලදීම ලිපියකින් ඔබව අමතන්න ලැබීම විශාල සතුටක්. මේ වසරේ අගභාගය වන විට අපගේ ප්‍රේමණීය රජු වන යේසුස් තම සතුරන්ව යටත් කර, ස්වර්ගයේ රජ වී අවුරුදු සියයක් සැපිරෙනවා.​—ගීතා. 110:1, 2.

නව ලොව බයිබල් පරිවර්තන කමිටුව (New World Bible Translation Committee) සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ මේ සේවා වසර මුලදී වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පැවැත්වූ වාර්ෂික රැස්වීමේදී මුදාහැරියා. එය මෙතෙක් සිදු කර තිබෙන හොඳම බයිබල් පරිවර්තනයේ සංශෝධනයක්. මීට අවුරුදු 60කට පෙර ‘නව ලොව පරිවර්තනය’ අපට ලබා දෙන්න යෙහෝවා දෙවි යොදාගත්තේ තම බලයෙන් අභිෂේක කළ පුත්‍රයන්වයි. (රෝම 8:15, 16) ඒ නිසා එය විශේෂ පරිවර්තනයක් කියා කියන්න එයම හේතුවක්.

පාලක මණ්ඩලයේ ලේඛන කමිටුව අවුරුදු ගණනාවක් පුරා තම මූලික අවධානය දුන්නේ බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යයටයි. මේ වන විට ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 121කින් ලබාගන්න පුළුවන්. අපි ඔබෙන් ඕනෑකමින් ඉල්ලන්නේ බයිබලය ගැන ඔබට තියෙන අගය යෙහෝවා දෙවිට පෙන්වන්න කියලයි. හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳින් හිතලා බලන්න. එහෙම කළොත් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට ඔබ තව තවත් ළං වෙයි.​—යාකො. 4:8.

අපේ සහෝදර සහෝදරියන් මුහුණ දෙන කටුක අද්දැකීම් ගැන අහන්න ලැබෙද්දී අපටත් වේදනාවක් දැනෙනවා. ඒ වගේ අවස්ථාවල ඔවුන්ට සෙසු සහෝදරයන් සමඟ එකතු වෙලා සතුටු වෙන්න බැහැ කියලා අපි දන්නවා. මෑතකදී ආසියාවේ ජීවත් වන පවුලකට දුක්බර අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ පවුලේ මව අංශභාග රෝගය නිසා එක්තැන් වුණා. ඇයව සුව කරන්න බැහැ කියලා වෛද්‍යවරුන් කිව්වා. ඒක මොන තරම් වේදනාවක්ද! දැන් ඇගේ ඕනෑ එපාකම් හොයලා බලමින් ඇයව රැකබලා ගන්නේ ඇගේ ආදරණීය සැමියායි. ඔවුන්ගේ දුවලා දෙන්නත් පුතාත් ඔවුන්ට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් ඇත්තෙන්ම ආදර්ශවත් දරුවන්. මේ පවුලේ අය වගේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්න ඔබ හැමෝටමත් ඒවා විඳදරාගත් නිසා සතුටු වෙන්න පුළුවන්. (යාකො. 1:2-4) අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් හැටියට අපි හැමෝම පීඩා විඳදරාගන්නවා නම් දෙවි සදාකාල ජීවනය නමැති තෑග්ග ලබා දෙන බවට පොරොන්දු වෙනවා.​—යාකො. 1:12.

දෙවිගේ සෙනඟට වඩාත් වැදගත්ම සැමරීම වන යේසුස්ගේ මරණය සිහි කිරීමට පසුගිය වසරේ 1,92,41,252ක් සහභාගි වුණා. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ගෞරව කිරීමක් වශයෙන් සිහි කිරීමට එතරම් සංඛ්‍යාවක් පැමිණීම අපි හැමෝටම දිරිගැන්වීමක්. ඒ වගේම මාර්තු සහ අප්‍රියෙල් මාසවල මිලියන ගණනක් සහායක පුරෝගාමි සේවය කිරීමෙන් යෙහෝවා දෙවිට ගෙන දුන්නේ මහත් ප්‍රශංසාවක්. චාරිකා සේවක පැමිණෙන මාසයේදී සහායක පුරෝගාමි සේවය කරන අයටත් සම්පූර්ණ පුරෝගාමි රැස්වීමටම සහභාගි වෙන්න ලැබෙනවා කියලා දැනගන්න ලැබුණාමත් ඔබ සතුටු වෙන්න ඇති. මේ කාලය තුළ සේවයෙත් සභාවේ වැඩකටයුතුවලත් වැඩි වැඩියෙන් හවුල් වීම අත්‍යවශ්‍ය දෙයක් කියලා දෙවිට ළැදි අය තේරුම්ගන්නවා. අපේ විශ්වාසය දුර්වල කර දෙවිගෙන් අපිව ඈත් කරන්න සාතන් විවිධ උපා යොදනවා. ඒවායින් ආරක්ෂා වෙලා ස්ථිරව ඉන්න සේවයේ වැඩි වැඩියෙන් හවුල් වීම අපිට උදව්වක්.​—1 කොරි. 15:58.

පසුගිය සේවා වසරේ දෙවිට කැප වී බව්තීස්ම වූ 2,77,344දෙනාත් ජීවනයට යන මඟේ ගමන් කිරීමට තීරණය කිරීම අපට සතුටක්. (මතෙ. 7:13, 14) ඒ නවකයන්ට “සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” අපේ උපකාරය ඕනේ. (කොලො. 2:7) ඒ නිසා අන්තිමය දක්වා විඳදරාගැනීමට එකිනෙකාව දිරිගන්වන්න. (මතෙ. 24:13) ‘කලකිරී සිටින අයව සනසවන්න, දුර්වල වී සිටින අයට උපකාර කරන්න, සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.’ (1 තෙස. 5:14) ඒ වගේම “ඔබගේ රාජ්‍යය පැමිණේවා!” කියලා “නොකඩවා යාච්ඤා” කරන්න.​—මතෙ. 6:10; 1 තෙස. 5:17.

මේ ‘වාර්ෂික පොත’ කියවීමෙන් ඔබත් සතුටක් හා දිරිගැන්වීමක් ලබයි කියලා අපි හිතනවා. දෙවිට ආදරය කරන ඔබ සැමට අපිත් ආදරෙයි කියලා අමතක කරන්න එපා.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය