Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

ඕෂනියාව

ඕෂනියාව
  • රටවල් ගණන 29

  • ජනගහනය 3,95,08,267

  • ප්‍රචාරකයන් ගණන 96,088

  • බයිබල් පාඩම් ගණන 63,333

දැන් මට හොඳට තේරෙනවා

පැපුවා නිව් ගිනියාවේ සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන පළමු සභාව ආරම්භ වුණේ 2013 මාර්තු 1වෙනිදායි. ඒ සභාවේ රැස්වීම්වලට ෆ්‍රීඩා කියන බිහිරි කාන්තාවටත් යන්න පුළුවන් කියලා දැනගත්තාම ඇය හුඟක් සතුටු වුණා. ෆ්‍රීඩා පුරුදු වෙලා හිටියේ ප්‍රකාශන දිහා විතරක් බලලා තොරතුරු ඉගෙනගන්නයි. ඒත් දැන් සංඥා භාෂාවෙන් සහ දෘශ්‍යාධාරක යොදාගෙන වේදිකාවෙන් ඉදිරිපත් කරන තොරතුරුවලට අවධානය දෙනකොට ඇයට වෙනදාට වඩා හොඳින් තේරුම්ගන්න පුළුවන් කියලා ඇයට වැටහුණා. කලින් පිළිතුරු දෙන්න ලැජ්ජා වුණත් දැන් ෆ්‍රීඩාට හොඳින් පිළිතුරු දෙන්නත් පුළුවන්. 2013 අප්‍රියෙල් මාසයේදී බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් ලෙස සේවය කරන්න පටන්ගත් ඇය දැන් බිහිරි අය බොහෝදෙනෙක්වද රැස්වීම්වලට එක්කගෙන එනවා. රැස්වීම් වෙලාවේදී ඔයාට නිතරම ඇඬෙන්නේ ඇයි කියලා ඇගෙන් ඇහුවාම, “ඉස්සරට වඩා මට දැන් හොඳට තේරෙන නිසයි” කියලා ඇය පිළිතුරු දුන්නා.

ඇය නැග්ගේ වැරදි කාර් එකට

ඕස්ට්‍රේලියාවේ බාබ්රා කියන සහෝදරිය දේශනා සේවය සඳහා යද්දී නැවත බැලීම් සටහන් කරගන්න පොත ගෙනාවාද කියලා බලන්න වාහනය අයින් කරලා නැවැත්තුවා. හදිසියේම කාන්තාවක් ඇගේ වාහනයට නැග්ගා.

“මට හිතෙන්නේ ඔයා වැරදි කාර් එකටයි නැග්ගේ” කියලා බාබ්රා ඒ කාන්තාවට කිව්වා.

“අනේ සමාවෙන්න. මම හිතුවේ ඔයා තමයි මාව එක්කන් යන්න එන කෙනා කියලා” ඇය කිව්වා. බාබ්රාගේ වාහනයේ තිබුණු ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා දැක්ක ඇය “අවුරුදු කිහිපයකට කලින් මට බයිබලය කියලා දෙන්න ආපු දෙන්නෙක් මේ සඟරා මට ගෙනත් දුන්නා” කියලත් කිව්වා. ඒ වෙලාවේ බාබ්රා හරිම සතුටින් ඇයට සඟරා ලබා දී බයිබල් පාඩමක් කරන්නත් සැලසුම් කරගත්තා.

“දෙවියන්ගෙන් ලැබෙන ලියුම්”

නවසීලන්තය: වයලට් ලිපි මාර්ගයෙන් බොහෝදෙනෙක්ට සත්‍යය කියා දෙනවා

අවුරුදු 82ක් වයසැති වයලට් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්වල ජීවත් වෙන දුර්වල සෞඛ්‍යය තත්වයක් තියෙන සහෝදරියක්. ඇය සාත්තු නිවාසවල ඉන්න වයසක අයට සහ අසනීපයෙන් ඉන්න අයට ලිපි මගින් සාක්ෂි දරනවා. ඒ අයට සාත්තු කරන හෙදියන් කියන්නේ ඔවුන් සහෝදරි වයලට්ගෙන් ලියුමක් ලැබෙන තුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලයි. ඒ ලියුම්වලට ඔවුන් කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන ලියුම් කියලා. සමහරක් අය ඒ ලියුම් සහ ඒ සමඟ එවන ප්‍රකාශන කියවලා අනිත් අයටත් ඒවා කියවන්න දෙනවා. ඇස් පේන්නේ නැති අයට ඇහෙන්නත් ඒවා කියවනවා. හෙදියන් කියන්නේ මේ ලියුම් සහ ප්‍රකාශන කියවන අය ඒවා නොකියවන අයට වඩා සතුටින් ඉන්නවා කියලයි. සහෝදරි වයලට් ඇගේ සේවය ගැන මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි අනිත් අයට උදව් කරන්න තවමත් මාව පාවිච්චි කරන එක ගැන මට හරි සතුටුයි. ඒකෙන් මමත් දිරිගැන්වෙනවා.”

ඇයට ඕන වුණේ මල් ගැන දැනගන්න

සායිපාන් දූපතේ ජීවත් වන බර්නී දවසක් සේවයේ හවුල් වෙද්දී බර්නඩෙත් කියන පාසැල් ශිෂ්‍යයාවකට අලුත්ම ‘මුරටැඹ’ සඟරාව ඉදිරිපත් කළා. “ඔය සඟරාව මම කියවලා තියෙනවා” කියලා ඇය කිව්වාම බර්නී පුදුම වුණා. ඇයට කොහෙන්ද මේ අලුත්ම සඟරාව ලැබුණේ කියලා බර්නී කල්පනා කෙරුවා. ඊටපස්සේ බර්නී ඇයට වෙන සඟරාවක් දුන්නා. “මම ඕකත් කියවලා තියෙනවා” කියලා ඇය කිව්වාම බර්නී පුදුමයෙන් මෙහෙම ඇහුවා. “ඔයාට කොහෙන්ද ඒවා හම්බ වුණේ? ඔයා නිවාඩුවක් ගත කරන්න මෙහෙට ආපු සාක්ෂිකරුවෙක්ද?” එවිට ඇය, තමන් සාක්ෂිකරුවෙක් නෙවෙයි කියාත් අපේ වෙබ් අඩවියෙන් මේ සඟරා කියවලා තියෙනවා කියාත් බර්නීට කිව්වා. දවසක් ඇය අන්තර්ජාලයෙන් මල් ගැන තොරතුරු හොයද්දී ‘පිබිදෙව්!’ සඟරාවක පළ වූ “සිත් සොරාගත් රෝස මල්” කියන ලිපිය අපේ වෙබ් අඩවියෙන් කියවන්න ලැබිලා. ඒ නිසා අපේ වෙබ් අඩවියේ වෙනත් ලිපිත් කියවන්න ඇයට ආසාවක් ඇති වෙලා. මුලින්ම ඇය කියවලා තියෙන්නේ ගස් සහ සත්තු ගැන පළවුණු ලිපි. ඒත් පස්සේ ඇයට බයිබලය ගැන සඳහන් වෙලා තියෙන ලිපි කියවන්නත් උනන්දුවක් ඇති වෙලා. බර්නඩෙත්ගේ උනන්දුව දැක්ක සහෝදරී බර්නී ඇයගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා ඇහුවා. ඊළඟ වතාවේ බර්නී ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත ඇයට ගෙනත් දුන්නා. තුන්වෙනි වතාවට ඇයව මුණගැහෙන්න ගිය වෙලාවේ බර්නී ඇය සමඟ ඒ පොතේ මුල් පරිච්ඡේදය සාකච්ඡා කළා. ඉන් අවුරුද්දකට පසු 2012 නොවැම්බර් මාසයේදී බර්නඩෙත් බව්තීස්ම වුණා. ඒ තරම් ඉක්මනින් සත්‍යය අවබෝධ කරගන්න ඇයට උදව් වුණේ අපේ වෙබ් අඩවියයි.