Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

නීතිය හා සම්බන්ධ වාර්තා

නීතිය හා සම්බන්ධ වාර්තා

වරක් නියෝජිත පාවුල් ක්‍රිස්තියානීන්ව මෙසේ උනන්දු කළා. ‘සිරභාරයේ සිටින අය සමඟ ඔබවත් බැඳ තබා තිබෙනවා කියා සිතා ඔවුන්ගේ දුක් පීඩා අමතක නොකරන්න.’ (හෙබ්‍රෙ. 13:3) ඒ නිසා දෙවිගේ සේවකයන් වශයෙන් අපි අපගේ සහෝදර සහෝදරියන්ගේ යහපත උදෙසා රජවරුන් සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ ‘දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමට’ අවශ්‍යය නිසයි.—1 තිමෝ. 2:1, 2; එෆී. 6:18.

පහත දැක්වෙන්නේ පසුගිය වසර පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදු වූ නීතිමය ගැටලු කිහිපයක් ගැනයි.

රුසියාවේ ඕතඩොක්ස් පල්ලිය සහ සමහර රජයේ නිලධාරීන් අපේ වැඩකටයුතු නතර කරන්න උත්සාහ දැරුවත් සහෝදරයන් ‘ඉගැන්වීම් කටයුතු සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය’ නතර කළේ නැහැ. (ක්‍රියා 5:42) රුසියානු බලධාරීන් අපේ සහෝදරයන් අන්තවාදීන් කියාත් අපේ ප්‍රකාශනවල අන්තවාදී අදහස් තියෙනවා කියාත් බොරු චෝදනා එල්ල කළා. ඒ නිසා රුසියානු අධිකරණය අපේ ප්‍රකාශන 70ක පමණ අන්තවාදී අදහස් තියෙනවා කියා පවසමින් ඒවා තහනම් කළා. මේ බොරු චෝදනාව යටතේ ප්‍රාදේශීය බලධාරීන් අපේ නමස්කාර මධ්‍යස්ථාන සහ සහෝදරයන්ගේ නිවෙස්වලට කඩාවැදී ඒ ප්‍රකාශන තියෙනවාද කියා පරීක්ෂා කළා. ඒ වගේම දේශනා සේවයේ ගිය බොහෝ සහෝදරයන්ගේ පින්තූර සහ ඇඟිලි සලකුණු පොලීසියේ තබාගත් අතර නිතරම සහෝදරයන්ව පොලීසියට ගෙන්වා ඔවුන්ව බය කරන්න උත්සාහ කළා.

2013 මැයි මාසයේ සිට ටැගන්රොග් ප්‍රදේශයේ සිටින සහෝදර සහෝදරියන් 16දෙනෙකුට රැස්වීම් සංවිධානය කිරීම, රැස්වීම්වලට සහභාගි වීම සහ දේශනා කිරීම වැනි චෝදනා මත නඩු පැවරුවා. එය සෝවියට් පාලනය බිඳ වැටුණු පසු, සාක්ෂිකරුවන් තම විශ්වාසයන් නිසා අපරාධකරුවන් ලෙස චෝදනා ලැබූ පළමු අවස්ථාවයි. රුසියාවේ වෙනත් පළාත්වල ඉන්න බලධාරීන්ද අපේ ප්‍රකාශන අන්තවාදියි කියාත් සහෝදරයන් ආගමේ නාමයෙන් අපරාධ සිදු කරනවා කියාත් අධිකරණ මගින් චෝදනා කරන්න උත්සාහ දරනවා.

එරිත්‍රියාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ තත්වයත් තවම හොඳ අතට හැරිලා නැහැ. 2013 ජූලි මාසය වන විට සිර භාරයේ සිටින සහෝදරයන්ගේ ගණන 52 දක්වා වැඩි වුණා. ඒ අතර සහෝදරියන් 6දෙනෙක්ද වයස අවුරුදු 70ක් පමණ වන සහෝදරයන් 8දෙනෙක්ද සිටිනවා. පාවුලොස් ඉයාසු, ඊසක් මොගොස් සහ නෙගඩෙ ටෙක්ලමරියම් යන සහෝදරයන් තිදෙනා හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා 1994 සැප්තැම්බර් 24වෙනිදා සිට තවමත් සිර දඬුවම් විඳිනවා.

සිරගත කර සිටින සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක්ව රඳවා තිබෙන්නේ අස්මාර නගරයට උතුරු දෙසින් පිහිටි කාන්තාර ප්‍රදේශයක තිබෙන කඳවුරකයි. 2011 ඔක්තෝබර් මාසයේ සිට 2012 අගෝස්තු මාසය දක්වා ඒ සහෝදරයන්ගෙන් 25දෙනෙකුව දමා තිබුණේ, අඩක් පොළොව යට හිටින විදිහට තහඩුවලින් සෑදූ සිරකුටිවලයි. සමහර කාලවලදී දැනෙන අධික උණුසුම දරාගන්න බැරි නිසා මුරකරුවන් ඔවුන්ව දවල් කාලයේදී සිරකුටිවලින් එළියට ගත්තා. ඔවුන්ට හරි හැටි කෑමක් බීමක් නොලැබුණ නිසා ඔවුන් හිටියේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. ඒ කටුක තත්වයන් දරාගත නොහැකිව 2011 වසරේදී සහෝදර මිස්ගිනා ගෙබ්‍රෙටින්සා සහ 2012 අගෝස්තු මාසයේදී 68 හැවිරිදි සහෝදර යොහැන්නස් හයිල කනගාටුදායක ලෙස මිය ගියා.

කිර්ගිස්තානය: දෙවතාවක්ම ගිනි තැබූ නමස්කාර මධ්‍යස්ථානය