Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

සාක්ෂිකරුවන් පවත්වපු ලොකුම රැස්වීම

සාක්ෂිකරුවන් පවත්වපු ලොකුම රැස්වීම

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් 2013 ඔක්තෝබර් 5වෙනිදා පැවැත්වූ 129වෙනි වාර්ෂික රැස්වීමට රටවල් 21කින් 2,57,294දෙනෙක් පැමිණියා. සමහරු රැස්වීම පවත්වපු ශාලාවට පැමිණි අතර තවත් අය වෙබ්කාස්ට් එක මගින් සජීවීව එයට සහභාගි වුණා. පසුවදාත් එම වැඩසටහන නැවත විකාශය කළා. එම දින දෙක තුළදී රටවල් 31ක ඉන්න 14,13,676දෙනෙක්ට ඒ වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. සාක්ෂිකරුවන් මෙතෙක් පවත්වා තියෙන විශාලම රැස්වීම එයයි.

1920 ගණන්වල ඉඳන් සාක්ෂිකරුවන් ලොව පුරා ඉන්න අයට දුරකථනය හා ගුවන්විදුලිය මාර්ගයෙන් සමුළු අහන්න සැලැස්සුවා. දියුණු තාක්ෂණය නිසා දැන් ඒ වෙලාවෙම හෝ පසුව ඒ වගේ රැස්වීම් අහන්න හා දකින්න ඕනම තැනක ඉන්න කෙනෙක්ට පුළුවන්.

ශාඛා කාර්යාල කිහිපයකම අය මේ වෙබ්කාස්ට් එක සාර්ථක කරගන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් පුරා ගොඩක් මහන්සි වුණා. විවිධ රටවල්වල ඉන්න අයට ඒ වැඩසටහන දැකගන්න සලස්වපු නිසා බෘක්ලින්වල පාලක මධ්‍යස්ථානයේ හිටපු අයට දිවා රෑ නොබලා වැඩ කරන්න වුණා.