Skip to content

පටුනට යන්න

FPG/The Image Bank via Getty Images

සෝදිසියෙන් ඉන්න!

දේශපාලඥයන් හර්–මගෙදොන් ගැන අනතුරු අඟවයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දේශපාලඥයන් හර්–මගෙදොන් ගැන අනතුරු අඟවයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2022 ඔක්තෝබර් 10වෙනි සඳුදා උදේ රුසියාව යුක්රේනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළා. ඒ, යුක්රේනය ඊට දවස් දෙකකට කලින් ක්‍රිමියාව සහ රුසියාව යා කරන ප්‍රධාන පාලමක් පුපුරවා හැරපු එකට පළිගන්න. ඒ සිද්ධිය වෙද්දී දේශපාලඥයන් හර්–මගෙදොන් යුද්ධයක් ගැන අනතුරු අඟවලා වැඩි දවසක් ගිහින් තිබුණේ නැහැ.

  •   “ජෝන් එෆ්. කෙනඩිගේ (ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක්) කාලේ ඇති වුණ කියුබානු මිසයිල අර්බුදයෙන් පස්සේ (1962දී) ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට මෙතෙක් පැමිණි සමීපතම අවස්ථාව මේකයි. න්‍යෂ්ටික අවිආයුධ පාවිච්චි කරන්න පටන්ගත්තොත් හර්–මගෙදොන් යුද්ධය ඇති නොවී තියෙයි කියලා නම් කීයටවත් හිතන්න බෑ.”—ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, 2022 ඔක්තෝබර් 6.

  •   න්‍යෂ්ටික අවිආයුධ පාවිච්චි කරන එකේ ප්‍රතිඵල ගැන අහද්දී යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි මෙහෙම කිව්වා. “හර්–මගෙදොන් යුද්ධය ළඟ ළඟම එනවා. මුළු ලෝකෙම තියෙන්නේ ලොකු අවදානමක!”—BBC News, 2022 ඔක්තෝබර් 8.

 ඇත්තටම හර්–මගෙදොන් යුද්ධයට පාර කපන්නේ න්‍යෂ්ටික අවිආයුධද? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

හර්–මගෙදොන් ඇති වෙන්නේ න්‍යෂ්ටික අවිආයුධ නිසාද?

 නැහැ. “හර්–මගෙදොන්” කියන වචනය බයිබලේ සඳහන් වෙන්නේ එකම එක තැනක විතරයි. ඒ එළිදරව් 16:16. එතන කතා කරන්නේ මිනිස්සු මිනිස්සු අතර ඇති වෙන යුද්ධයක් ගැන නෙවෙයි. ඒ වෙනුවට දෙවියන් සහ “මුළු ලොව පුරාම සිටින රජුන්” අතර ඇති වෙන යුද්ධයක් ගැන. (එළිදරව් 16:14) දෙවියන් හර්–මගෙදොන් යුද්ධය මාර්ගයෙන් මිනිස් පාලන හැම එකක්ම නැත්තටම නැති කරලා දානවා.—දානියෙල් 2:44.

 හර්–මගෙදොන් යුද්ධය ගැන තවත් විස්තර දැනගන්න “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

න්‍යෂ්ටික යුද්ධයකින් මුළු පොළොවම විනාශ වෙයිද?

 නැහැ. ඉස්සරහට මිනිස්සු න්‍යෂ්ටික අවිආයුධ පාවිච්චි කළත් ඒවායින් මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න දෙවියන් කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද බයිබලේ මෙහෙම කියනවා.

 අපි මේ දවසින් දවස ළං වෙන්නේ මිනිස් ඉතිහාසයේ වෙන කවදාවත් සිද්ධ වෙලා නැති විදිහේ දැවැන්ත වෙනසක් සිද්ධ වෙන්න නියමිත කාලෙකට. ඒක බයිබල් අනාවැකි සහ ලෝක සිදුවීම්වලින් පැහැදිලි වෙනවා. (මතෙව් 24:3-7; 2 තිමෝති 3:1-5) අනාගතය ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා දැනගන්න නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න.