Skip to content

පටුනට යන්න

Comstock Images/Stockbyte via Getty Images

සෝදිසියෙන් ඉන්න!

නායකයා විදිහට ඔයා තෝරගන්නේ කාවද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

නායකයා විදිහට ඔයා තෝරගන්නේ කාවද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 ඡන්ද පවත්වද්දී මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා නායකයෙක්ව තෝරගන්නවා.

 ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මිනිස් පාලකයන්ට කරන්න පුළුවන් දේ සීමිතයි

 මිනිස් පාලකයන් හැමෝටම තියෙන සීමාවන් ගැන බයිබලේ කියනවා.

  •   “වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:3, 4.

 මිනිස්සු වෙනුවෙන් ඇපකැප වෙලා වැඩ කරන, හොඳම පාලකයෙක් වුණත් දවසක මැරෙනවා. එයාලාගෙන් පස්සේ පත් වෙන අය එයාලා පටන්ගත්ත හොඳ දේවල් දිගටම කරගෙන යයි කියලා කාටවත් සහතික වෙන්න බැහැ.—දේශනාකාරයා 2:18, 19.

 බයිබලේ කියනවා මිනිස්සුන්ව සාර්ථකව පාලනය කරන්න මිනිස්සුන්ට කවදාවත් බැහැ කියලා.

  •   “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.”—යෙරෙමියා 10:23.

 එහෙමනම් අපිට විශ්වාසය තියන්න පුළුවන් හොඳ නායකයෙක් ඉන්නවාද?

දෙවියන් පත් කරපු නායකයෙක්

 බයිබලේ කියනවා අපිට විශ්වාසය තියන්න පුළුවන්, හැම අතින්ම සුදුසුකම් තියෙන කෙනෙක්ව දෙවියන් අපේ නායකයා විදිහට පත් කරලා තියෙනවා කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස්. (ගීතාවලිය 2:6) දේවරාජ්‍යයේ, ඒ කියන්නේ දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවේ රජ ඔහුයි.—මතෙව් 6:10.

 ඒත් ඔයා යේසුස්ව ඔයාගේ නායකයා විදිහට පිළිගනියිද? ඒ ගැන හිතලා බලන එක කොච්චර වැදගත්ද කියලා බයිබලේ කියනවා.

  •   “දෙවිව කෝප නොකරන පිණිසද ඔබ විනාශ නොවන පිණිසද ඔහුගේ පුත්‍රයාව [යේසුස් ක්‍රිස්තුස්ව] පිළිගන්න. මන්ද ඔහුගේ උදහස වහා ඇවිළෙන්නේය. ඔහුගේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය.”—ගීතාවලිය 2:12.

 තීරණයක් ගන්න කාලේ දැනුයි. බයිබල් අනාවැකිවල කියන විදිහට 1914දී යේසුස් ස්වර්ගයේ ඔහුගේ පාලනය පටන්ගත්තා. ළඟදීම ඔහු මිනිස් ආණ්ඩු හැම එකක්ම අයින් කරලා ඒ පාලනය මේ පොළොවටත් ගේනවා.—දානියෙල් 2:44.

 නායකයා විදිහට යේසුස්ට සහයෝගය දෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න “දැන් ඉඳලාම දේවරාජ්‍යයට සහයෝගය දෙන්න” කියන ලිපිය බලන්න.