Skip to content

පටුනට යන්න

Thai Liang Lim/E+ via Getty Images

සෝදිසියෙන් ඉන්න!

සෝෂල් මීඩියාවලින් ඔයාගේ දරුවාටත් හානියක් වෙලාද? - දෙමාපියන්ට බයිබලයෙන් උදව්!

සෝෂල් මීඩියාවලින් ඔයාගේ දරුවාටත් හානියක් වෙලාද? - දෙමාපියන්ට බයිබලයෙන් උදව්!

 “සෝෂල් මීඩියා අද යෞවනයෝ මූණ දෙන ගොඩක් මානසික ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් වෙලා.”—Dr. Vivek Murthy, U.S. surgeon general, New York Times, 2024 ජූනි 17.

 සෝෂල් මීඩියා පාවිච්චි කරන නිසා වෙන හානියෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒක කරන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

දෙමාපියන්ට කරන්න පුළුවන් දේ

 බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම් ගැන හිතන්න.

 “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

 සෝෂල් මීඩියාවල හානිකර පැති ගොඩක් තියෙනවා. ඒ නිසා හැමෝම පාවිච්චි කරන පළියට ඔයාගේ දරුවාටත් ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ කියලා හිතන්න එපා. ඒවා පාවිච්චි කරන්න ඉඩ දෙන්න කලින් මේ පැති ගැන හිතලා බලන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන කාලය ගැන ඔයා දාන නීතිවලට එයා ඇලිලා ඉඳීද? සෝෂල් මීඩියාවල ඉන්න යාළුවෝ තෝරගන්න එක සම්බන්ධයෙන් එයාට හොඳ තීරණ ගන්න පුළුවන්ද? නුසුදුසු දේවල්වලින් ආරක්ෂා වෙන්න තරම් සිහිබුද්ධියක් එයාට තියෙනවාද?

 “ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:16.

 දරුවාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙනවා නම් ඒක පාවිච්චි කරන විදිහ ගැන නීති දාන්න. ඒ නීති එයාට ආරක්ෂාවක් වෙන විදිහ ගැන කියලා දෙන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී දරුවා කියන කරන දේවල්වල වෙනසක් වෙනවාද කියලා සැලකිලිමත් වෙන්න. ඒක ඔයාට උදව් වෙයි දරුවාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ඉඩ දෙනවාද නැත්නම් ඒක තවත් සීමා කරන්න ඕනෙද කියලා තීරණය කරන්න.

  •   සීමා දාන්නේ ඇයි කියලා දරුවාට තේරුම් කරන්න කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම් කියන වීඩියෝ මාලාවේ තියෙන ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක පාවිච්චි කරන්න.

තව දැනගන්න

 බයිබලයේ කියනවා අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියලා. (2 තිමෝති 3:1-5) මේ වගේ කාලෙක ජීවත් වෙන්න ඕනෙ කරන මඟ පෙන්වීමුත් ඒකේ තියෙනවා. දෙමාපියන්ට සහ දරුවන්ට උදව් වෙන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඇතුළත් ලිපි 20කට වඩා “මානසිකව කඩා වැටෙන යෞවනය” කියන ලිපියේ තියෙනවා.