Skip to content

සතුන්ටත් පරිසරයටත් හානියක් නැති වෝර්වික්වල ඉදි කිරීම

සතුන්ටත් පරිසරයටත් හානියක් නැති වෝර්වික්වල ඉදි කිරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කරන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ ස්ටර්ලින් ෆොරස්ට් විල ළඟයි. අවට පරිසරයට සහ සතුන්ට හානියක් නොවන විදිහට ඔවුන් ඉදි කිරීමේ වැඩ කරන්නේ කොහොමද?

ඒ ප්‍රදේශයේ රැට්ල් සර්පයන් සහ විවිධ වර්ගයේ ඉබ්බන් ජීවත් වෙනවා. ඒ නිසා සාක්ෂිකරුවන් වැඩ බිම වටේට තාවකාලික වැටක් බැන්දා. ඒ විතරක් නෙමෙයි ඒ වැටෙන් ඇතුල් වෙලා උන්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න, ඒ වැට හොඳ මට්ටමක තියෙනවාද කියලා සාක්ෂිකරුවන් විටින් විට පරීක්ෂා කරලත් බලනවා. ඉදි කිරීම් වැඩ අවසන් කළාට පස්සේ ඒ වැට අයින් කරනවා. ඊටපස්සේ ඒ අවට රැට්ල් සර්පයන් හිටියොත් උන්ව අල්ලලා වෙනත් තැනකට ගිහින් දාන්නත් සැලසුම් කරලා තියෙනවා.

ඊස්ටර්න් බ්ලූබර්ඩ්

ශීත කාලයේදී ඊස්ටර්න් බ්ලූබර්ඩ් කියන කුරුල්ලා කූඩු හදන්නේ නැහැ. ඒ නිසා ඒ කාලයේ තමයි ඒ ප්‍රදේශයේ තිබුණ ගස් කැපුවේ. සාක්ෂිකරුවන් ඉදි කිරීම් වැඩ අවසන් කළාට පස්සේ නැවත ඒ කුරුල්ලන්ව ගෙන්නගන්න කුරුළු කූඩු හදන්න සැලසුම් කරලා තියෙනවා.

වඳ වී ගෙන යන හිසෝප් ස්කල්කැප් කියන පැළෑටිය 2007 ඉඳන් මේ ඉඩමේ කොහෙන්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් සහ මාර්තු මාස අතර කාලයේ ඒ පැළ බෝ කරන්න සාක්ෂිකරුවන් ඒ ඉඩමේ සමහර පැති සූදානම් කරනවා.

ඒ ඉඩම ළඟින්ම පිහිටලා තියෙන ස්ටර්ලින් ෆොරස්ට් විල ළඟ විවිධ වර්ගයේ ජලජ පක්ෂීන් ඉන්නවා. ඒ වගේම ඒ විලේ ට්‍රවුට්, පර්ච්, බෑස් සහ පිකරල් වගේ විවිධ වර්ගයේ මාළුත් ඉන්නවා. මේ ජීවීන්ව ආරක්ෂා කරගන්න ඕන නිසා සාක්ෂිකරුවන් පරිසරයට හානියක් නොවන විදිහට ඉදි කිරීම් ක්‍රම පාවිච්චි කරනවා. උදාහරණයකට ඔවුන් ඉදි කරන්න යන ගොඩනැඟිල්ලේ වහලේ එළවළු වගා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් වැස්සත් එක්ක එන අපිරිසිදු ද්‍රව්‍ය පෙරෙනවා වගේම වැසි ජලය ගලා යන එකත් අඩු වෙනවා. ඒ වගේම දැනටමත් විල් ඉව්රේ ඉබේ පැළ වෙලා තියෙන එළවළු ආරක්ෂා කරන්නත් ඔවුන් පියවර අරන් තියෙනවා.

ඉදි කිරීමේ වැඩවලට සම්බන්ධ සාක්ෂිකරුවෙක් ඒ ගැන කියපු දේ බලන්න. “පරිසරයට හානියක් නොවන විදිහේ ඉදි කිරීම් ක්‍රම පාවිච්චි කරන්න ගොඩක් සැලසුම් කරන්න ඕනේ. ඒකට ලොකු කාලයක් වැය වෙනවා. හැබැයි කොච්චර අමාරු වුණත් අපි වෝර්වික් අවට පරිසරය හා සතුන්ව රැකගන්නවා.”