Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” තුන්දින සමුළුවේ පරිවර්තන කටයුතු

2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” තුන්දින සමුළුවේ පරිවර්තන කටයුතු

2020 ජූලි 10

 2020 ජූලි සහ අගෝස්තු මාසවල ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් පළවෙනි වතාවට එකම කාලයකදී තුන්දින සමුළුව බලන්න යනවා. ඒ දේ කරන්න නම් පටිගත කරපු සමුළු වැඩසටහනට ඇතුළත් දේශන සහ වීඩියෝ භාෂා 500කටත් වඩා වැඩියෙන් පරිවර්තනය කරන්න ඕනෙ වුණා. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් සැලසුම් කරලා වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අවුරුද්දක් හරි ඊට වැඩි කාලයක් හරි යනවා. ඒත් කොරෝනා වසංගතය නිසා මුහුණ දෙන්න වුණු තත්වයන් හින්දා 2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” කියන තුන්දින සමුළුවේ වැඩකටයුතු අවසන් කරන්න පරිවර්තකයන්ට තිබුණේ මාස 4කටත් වඩා අඩු කාලයක්.

 ඒ දැවැන්ත කාර්යය කරන්න ලෝක මූලස්ථානයේ තියෙන පරිවර්තනයට සහාය දක්වන අංශය සහ ගෝලීය භාණ්ඩ මිල දී ගැනීමේ අංශය ලොකු සහායක් ලබා දුන්නා. පරිවර්තනයට සහාය දක්වන අංශයේ සහෝදරයන් තේරුම්ගත්තා ඒ වැඩේ කරන්න නම් පරිවර්තන කණ්ඩායම්වලට තත්වයෙන් උසස් මයික්‍රෆෝන ඇතුළු තවත් හුඟක් උපකරණ ඕනෙ කියලා. ගෝලීය භාණ්ඩ මිල දී ගැනීමේ අංශය මයික්‍රෆෝන 1,000ක් මිල දී අරන් ඒවා ස්ථාන 200කට විතර යැව්වා.

 මුදල් ඉතුරු කරගන්න ඕනෙ වුණු නිසා එකපාර මයික්‍රෆෝන විශාල ප්‍රමාණයක් මිල දී අරන් ඒවා එක තැනකට ගෙනල්ලා ඊටපස්සේ ඒවා ලෝකේ පුරාම අවශ්‍ය තැන්වලට බෙදාහැරියා. එහෙම කරපු නිසා ඇමරිකානු ඩොලර් 170ක විතර මුදලකට එක මයික්‍රෆෝනයක් මිල දී ගන්න පුළුවන් වුණා. ඒ නිසා මයික්‍රෆෝන මිල දී ගද්දී සාමාන්‍යයෙන් වියදම් වෙන මුදලෙන් සීයට 20ක මුදලක් ඉතුරු වුණා.

 ගෝලීය භාණ්ඩ මිල දී ගැනීමේ අංශයට මේ මිල දී ගැනීම් කරන්න සිද්ධ වුණේ කොරෝනා වසංගතය නිසා ව්‍යාපාර කටයුතු අඩාල වෙලා තිබුණු අප්‍රියෙල් සහ මැයි මාසවලදියි. කොහොමවුණත් මැයි මාසයේ අග වෙද්දී ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල, ශාඛා කාර්යාල සහ පරිවර්තන කටයුතුවලට සම්බන්ධ අනිත් ස්ථාන වැඩි හරියකටම අවශ්‍ය උපකරණ ලබා දෙන්න සහෝදරයන්ට පුළුවන් වුණා.

 ගෝලීය භාණ්ඩ මිල දී ගැනීමේ අංශය භාරව කටයුතු කරන සහෝදර ජේ ස්විනී මෙහෙම කියනවා. “මේ කාර්යය පුරාවටම බෙතෙල් අංශ සහ පිට ගැනුම්කරුවන් සහයෝගයෙන් වැඩ කළා. මේ තරම් අඩු වියදමකින් ඉක්මනට අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන්ගේ උදව් නිසයි.”

 පරිවර්තනයට සහාය දක්වන අංශයේ සේවය කරන සහෝදර නිකලස් අලඩිස් කියන්නේ මෙහෙමයි. “මේ උපකරණ ලැබුණු එකෙන් ලොක්ඩවුන් කරලා තිබුණ ස්ථානවල හිටපු හැම පරිවර්තකයෙක්ටම ලොකු දිරිගැන්වීමක් ලැබුණා. එයාලට පුළුවන් වුණා කණ්ඩායමේ අනිත් අය කොහේ හිටියත් එයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ලෝකේ පුරාම ඉන්න පරිවර්තකයන් මේ සමුළුවේ දේශන, නාට්‍යය සහ සින්දු භාෂා 500කටත් වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා.”

 මේ කාර්යය, ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට “නිරතුරුවම ප්‍රීති වෙන්න” කියන තුන්දින සමුළුව ලබා දෙන්න කරපු එක දෙයක් විතරයි. මේ හැම දෙයක්ම සාර්ථකව කරගන්න donate.pr418.com වෙබ් අඩවිය මාර්ගයෙන් සහ අනිත් ක්‍රමවලින් ඔයාලා ලබා දුන්න සම්මාදම් හුඟක් ප්‍රයෝජනවත් වුණා.