Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ගෝත්‍රික භාෂා කතා කරන අයගේ ආගමික නිදහස රැකගන්න

ගෝත්‍රික භාෂා කතා කරන අයගේ ආගමික නිදහස රැකගන්න

2021 මැයි 1

 කෝටි ගාණක් ජීවත් වෙන මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ දසලක්ෂ ගාණක් කතා කරන්නේ ගෝත්‍රික භාෂා. ඒ අය අතරින් හුඟදෙනෙක් අපේ සහෝදර සහෝදරියන්. ගෝත්‍රික භාෂා කතා කරන මිනිසුන්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්න සාක්ෂිකරුවන් ගෝත්‍රික භාෂා 130කට වැඩි ගාණකින් පොත් පත් පරිවර්තනය කරනවා. a අපේ සහෝදරයන් එයාලගේ ගෝත්‍රික උරුමයන් අගය කෙරුවත් එයාලගේ ගෝත්‍රවල අයගෙන්ම එන විරුද්ධවාදිකම්වලට මූණ දෙනවා. ඒකට හේතුව එයාලා යෙහෝවාට නමස්කාර කරන්නත් බයිබලයට එකඟ නැති චාරිත්‍ර පවත්වන්නේ නැතුව ඉන්නත් තීරණය කරලා තියෙන නිසයි. ඔයාලා දෙන සම්මාදම් ඒ වගේ අයට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

ගම්බිම්වලට ආයෙත් එන්න

 මෙක්සිකෝවේ හුයිචෝල් ගෝත්‍රයට අයිති අපේ සහෝදර සහෝදරියන් එයාලගේ ගෝත්‍රයේ ආගමික චාරිත්‍රයකට හවුල් වෙන එක ප්‍රතික්ෂේප කෙරුවා. එහෙම කළේ ඒ චාරිත්‍ර පවත්වන එක එයාලගේ හෘදය සාක්ෂියට විරුද්ධ නිසයි. ඒකට ඒ ගෝත්‍රයේ සමහර අයට හොඳටම කේන්ති ගියා. ප්‍රතිඵලයක් විදිහට 2017 දෙසැම්බර් 4වෙනිදා මැර පිරිසක් සාක්ෂිකරුවන් කණ්ඩායමකට පහර දුන්නා. ඒ පිරිස සාක්ෂිකරුවන්ව ගමෙන් පන්නලා, දේපළ විනාශ කරලා, ආයේ ආවොත් මරනවා කියලා තර්ජනය කෙරුවා.

 ළඟපාත නගරවල හිටපු සාක්ෂිකරුවන් ඒ සහෝදර සහෝදරියන්ව ගෙවල්වලට අඬගහගෙන බලාගත්තා. ඒත් ඒ අයට ආයෙත් ගම්බිම්වලට යන්න මොනවාද කරන්න පුළුවන්? සහෝදර ඔගස්ටීන් මෙහෙම කියනවා. “නීතිඥයෙක්ගේ උදව් ගන්න අපිට සල්ලි තිබුණෙත් නැහැ, නීති උපදෙසක් ගන්න යන්න ඕනෙ කොහේටද කියලා දැනන් හිටියෙත් නැහැ.”

 මේ වෙලාවේ මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය ඉක්මනින්ම පියවර ගත්තා. මුලින්ම එයාලා ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ඉල්ලුවා අපරාධය ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඊළඟට, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුවේ අනුමැතිය ඇතුව ලෝක මූලස්ථානයේ නීතික අංශයේ සහයෝගය ලබාගත්තා. ඒ අංශයේ උදව්වෙන් හුයිචෝල්වල ඉන්න සාක්ෂිකරුවන් වෙනුවෙන් නඩුවක් ගොනු කෙරුවා. ඒ නඩුව අන්තිමට මෙක්සිකෝවේ ඉහලම උසාවිය වන ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අරන් ගියා.

 ලෝකේ වටේ ඉන්න නීතිඥවරුන්ගේ කණ්ඩායමක් එකතු වෙලා නඩුවෙදි කතා කරන්න ඕනෙ කරන කරුණු ලෑස්ති කළා. ඒකේ සඳහන් වුණේ මේ වගේ දෙයක්. “ගෝත්‍රවල ඉන්න අය තමන්ගේ ගෝත්‍රයේ සංස්කෘතියට අනිත් අය ගරු කරයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ ගෝත්‍රයේ එක් එක් සාමාජිකයාට තීරණ ගන්න තියෙන අයිතියටත් ගරු කරන්න ඕනේ. කොහේ හිටියත් හැම කෙනෙක්ම මානව හිමිකම් රකින්න ඕනේ.”

 2020 ජූලි 8වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් ලබා දුන්නා. ගමෙන් පන්නපු හැමෝටම ආයෙත් ගම්බිම්වලට යන්න ඉඩ දෙන්න කියලා නියෝග කළා. ඔගස්ටීන් මෙහෙම කියනවා. “සහෝදර සහෝදරියන් අපි වෙනුවෙන් කරපු දේවල්වලට අපි ණයගැතියි. එයාලා උදව් කෙරුවේ නැත්නම් අපිට කිසිම දෙයක් කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.”

“ටිකදෙනෙක් වෙනුවෙන් මේ තරම් දෙයක්”

 ඉක්වදෝරයේ සැන් හුවාන් දෙ ඉලුමාන් කියන ගමේ සහෝදරයනුත් විරුද්ධවාදිකමකට මුහුණ දුන්නා. නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න 2014දී එයාලට ආණ්ඩුවෙන් හැම අවසරයක්ම ලැබුණා. ඒත් පූජකයෙක් මැරයන් සියදෙනෙක් විතර එක්ක ඇවිත් බලෙන්ම ඉදි කිරීම් වැඩ නැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි එකතු වෙලා රැස්වීම් පවත්වන එක නවත්වන්න කියලා ගමේ අයත් බලපෑම් කළා.

 නිදහසේ රැස්වීම් පවත්වන එකට බාධා කරපු නිසා ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයත් ලෝක මූලස්ථානයේ නීතික අංශයත් එකතු වෙලා ඒ සහෝදරයන් වෙනුවෙන් පෙනී හිටියා. විරුද්ධවාදීන්ට විරුද්ධව නඩු පැවරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පීඩා කරපු අය එයාලගේ බලපෑම් නැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි සහෝදරයන්ට රැස්වීම් තියන්නත් නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන්නත් ඉඩ දුන්නා. ඒ වුණත් සහෝදරයන්ගේ ඉදිරි ආරක්ෂාව ගැන හිතලා අපේ නීතික අංශයේ නියෝජිතයන් වැදගත් ප්‍රශ්නයකට තීරණයක් ලබා දෙන්න කියලා අධිකරණයෙන් ඉල්ලා හිටියා. ඒ තමයි “ගෝත්‍රික ජනතාවත් ජාත්‍යන්තර මානව හිමිකම් නීති රකින්න ඕනෙද” කියන ප්‍රශ්නය.

 ඉක්වදෝරයේ ශ්‍රේෂ්ඨාධිකරණය 2020 ජූලි 16වෙනිදා ඒ නඩුව විභාග කෙරුවා. ඒ රටේ සාක්ෂිකරුවන් අතර ඉන්න නීතිඥයන් ඒ නඩුවට පෙනී හිටියා. ඒ අයට අමතරව වෙනත් රටවල නඩු කටයුතුවලට හවුල් වෙලා අද්දැකීම් තියෙන සහෝදරයන් 4දෙනකුත් අධිකරණයේදී කතා කළා. එයාලා හිටියේ වෙන රටවල. කෝවිඩ්-19 නිසා පනවපු තහංචි හින්දා ඒ අය කතා කළේ වීඩියෝ කොන්ෆරන්ස් හරහායි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන නීතිඥ කණ්ඩායමකට ඒ විදිහට කතා කරන්න උසාවියක් අවසර දුන්න මුල්ම අවස්ථාව ඒකයි. b නීතික කණ්ඩායම ජාත්‍යන්තර නීතිවලින් උපුටා දක්වලා කියා සිටියේ කෙනෙක් ගෝත්‍රික ජන සමූහයකට අයිති වුණ නිසාම ඒ කෙනාගේ මානව හිමිකම් නැති කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න බැහැ කියලයි.

අපේ සහෝදරයන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් වෙනත් රටවල ඉන්න නීතිඥයන් වීඩියෝ කොන්ෆරන්ස් හරහා සම්බන්ධ වුණා

 සැන් හුවාන් දෙ ඉලුමාන් ගමේ සහෝදරයන් අධිකරණයේ තීන්දුව එන කල් බලාගෙන ඉන්නවා. මේ දක්වා එයාලට ලැබුණ උදව් උපකාර ගැන එයාලගේ හිත්වලට තදින්ම දැනිලා තියෙනවා. සෙසාර් කියන්නේ ඒ ගමේ කිචුවා භාෂාව කතා කරන සභාවේ වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “යෙහෝවාට විතරයි ඔහුගේ සංවිධානය පාවිච්චි කරලා ටිකදෙනෙක් වෙනුවෙන් මේ තරම් දෙයක් කරන්න පුළුවන්.”

 නඩුවට සම්බන්ධ වෙලා ඉන්න නීතිඥයන් හැමදෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එයාලා සල්ලි අය කරන්නේ නැතුව කැමැත්තෙන්ම එයාලගේ දැනුම සහ අද්දැකීම් මේ නඩු වෙනුවෙන් යොදවලා තියෙනවා. ඒත් ඒ නඩු උසාවිවල ගොනු කරන්න, ඒවාට ඕනෙ කරන ලියකියවිලි හදන්න වගේම අධිකරණවලදී කතා කරන්න කාලය සහ මුදල් වැය වෙනවා. අපේ නීතිඥයන් සහ අනිත් සහෝදරයන් මෙක්සිකෝවේ ගොනු කරපු නඩුවේ තර්ක විතර්ක ලෑස්ති කරන්න පැය 380කට වැඩියෙන් වැය කරලා තියෙනවා. ඒවාට ඕනෙ කරන ලියකියවිලි පරිවර්තනය කරන්න තව පැය 240ක් විතර වැය කරලා තියෙනවා. ඉක්වදෝරයේ පවත්වන නඩුව වෙනුවෙන් ලෝකෙ පුරාම ඉන්න නීතිඥයන් 40දෙනෙක් විතර පැය සියගාණක් වැය කරලා තියෙනවා. අපේ සහෝදරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙච්චර වියදමක් දරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒ donate.pr418.com කියන වෙබ් අඩවිය හරහා ඔයාලා විවිධ විදිවලින් කැමැත්තෙන්ම දෙන සම්මාදම් නිසයි. ඔයාලාගේ ත්‍යාගශීලිකමට බොහොම ස්තුතියි!

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ කතා කරන තව හුඟක් භාෂාවලටත් පොත් පත් පරිවර්තනය කරනවා. ඒ අතර ඒ ප්‍රදේශවල විතරක් පාවිච්චි කරන සංඥා භාෂා කිහිපයකටත් පරිවර්තනය කරනවා.

b අපේ සංවිධානය ඒ නඩුවට කෙළින්ම සම්බන්ධ නැති වුණත් “අධිකරණයේ මිතුරෙක්” කියන නීතික පදනම මත උසාවියේදී කතා කරන්න විනිසුරුවන් අවසර දුන්නා.