Skip to content

2015 ජනවාරි, 21
පිලිපීනය

හයියාන් සුළි කුණාටුවෙන් අවුරුද්දකට පස්සේ අලුත් ගෙවල්වල පදිංචි වෙයි

හයියාන් සුළි කුණාටුවෙන් අවුරුද්දකට පස්සේ අලුත් ගෙවල්වල පදිංචි වෙයි

මැනිලා, පිලිපීනය—හයියාන් සුළි කුණාටුවෙන් ගේදොර නැති වුණ අයට ගෙවල් හදලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පහුගිය කාලය පුරා ගොඩක් මහන්සි වුණා. ප්‍රතිඵලයක් විදිහට අවුරුද්දක් යන්නත් කලින් ගෙවල් 750ක් විතර අලුත්වැඩියා කරලා දෙන්න සහ නැවත ඉදි කරලා දෙන්න පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් 5දෙනෙක්ගේ කණ්ඩායමකට පුළුවන් දවස් 5කින් එක ගෙයක් හදන්න.

පිලිපීනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ඩීන් ජාචෙක් මෙහෙම කිව්වා. “2014 සැප්තැම්බර් මාසෙදී වැඩ ටික ඉවර කරන්න අපි ඉලක්කයක් තියාගත්තා. ඉදි කිරීම් වැඩ අවුරුද්දේ මුලම පටන්ගත්තා. ඒකට හුඟදෙනෙක් ස්වේච්ඡාවෙන් උදව් කෙරුවා. අගෝස්තු මාසේ ඉවර වෙන්නත් කලින් වැඩ ටික ඉවර වුණා.”

පිලිපීනයේ සහ පිටරටවලින් ආපු ස්වේච්ඡා සේවකයන් යළි ගොඩනැඟීම් වැඩවලට හවුල් වුණා

ලෝකේ වටේම ඉන්න සාක්ෂිකරුවන් සහනාධාර වෙනුවෙන් දෙන සම්මාදම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් මේ වැඩවලට වෙන් කළා. කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නැවත ඉදි කිරීම් කටයුතු සංවිධානය කරන්න මැනිලා නගරයේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය සහන සේවා කමිටු පත් කෙරුවා. ටක්ලබාන් නගරයේ ගෙවල් 167ක්, ඔර්මොක් නගරයේ ගෙවල් 256ක්, සෙබු නගරයේ ගෙවල් 101ක් සහ රොක්සාස් නගරයේ ගෙවල් 218ක් අලුත්වැඩියා කරන්න හරි නැවත ඉදි කරන්න හරි සැලසුම් යෙදුවා. ඉදි කිරීම් වැඩවලට පිලිපීනයේ සාක්ෂිකරුවන් 522නෙකුත් වෙනත් රටවල්වලින් ආපු සාක්ෂිකරුවන් 90දෙනෙකුත් ස්වේච්ඡාවෙන් හවුල් වුණා.

ලෙයිටි දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් වන ෆර්ඩිනන්ඩ් මාටින් ජී. රොමෝල්ඩස්.

ලෙයිටි දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් වන ෆර්ඩිනන්ඩ් මාටින් ජී. රොමෝල්ඩස් මහතා පස්සේ මෙහෙම කිව්වා. “රජයේ නොවන කණ්ඩායම් අතරින් නිවාස යළි ඉදි කරන්න මුලින්ම පැමිණි අය අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටියා. . . . එයාලා මගේ පවුලේ අයයි අපේ සෙනඟයි වෙනුවෙන් කරපු දේවල්වලට ස්තුති කරන්න අපිට වචන නැහැ.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

පිලිපීනය: ඩීන් ජාචෙක්, විමසීම්: +63 2 411 6090