Skip to content

අවතැන් වුණ සහෝදර සහෝදරියන්ව දිරිගන්වනවා

2022 මැයි 23
යුක්රේනය

අලුත්ම තත්වය අංක 8 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

දිරිගැන්වීමුත් නොඅඩුව ලබා දෙයි

අලුත්ම තත්වය අංක 8 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

යුක්රේනයේ කොයි පැත්තකට ගියත් තියෙන්නේ හරිම දුෂ්කර තත්වයක්. ඒ නිසා රට පුරා ඉන්න සහෝදර පවුල් දිරිගන්නලා එයාලව ශක්තිමත් කරන්න එහේ ශාඛා කාර්යාලය රැයක් දවාලක් නැතුව වැඩ කරනවා. අවතැන් වුණ දහස් ගාණක් දෙනාව රැකබලා ගන්න රට වටේම ඉන්න වගකීම් දරන සහෝදරයන් නොගන්නා මහන්සියක් නැහැ. ඒකෙන් සහෝදර සහෝදරියන් ගොඩක් ප්‍රයෝජන ලබනවා. ශාඛා කමිටු සාමාජිකයෙක් බටහිර යුක්රේනයේ අවතැන් වුණ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න ගියා. එදා උස්හොරොද් නගරයේ නමස්කාර මධ්‍යස්ථානයක අවතැන් වුණ අය 30දෙනෙක් විතර හිටියා. ඒ අතර හිටපු සහෝදරියක් ඒ දිරිගැන්වීම ගැන මෙහෙම කිව්වා. “මට දැනුණේ හරියට යෙහෝවා මාව වඩාගෙන තදින් බදාගන්නවා වගේ.”

සහන සේවා කමිටු (DRC) 27 ධෛර්යවන්ත සාමාජිකයන් 100දෙනෙක් විතර ඉන්නවා. එයාලව දිරිගන්වන්නත් ශාඛා කමිටුව අමතක කෙරුවේ නැහැ. සහන සේවා කමිටුවක සේවය කරන සහෝදර ඉහෝර් මෙහෙම කියනවා. “DRC එකේ වැඩ කරන්න එන්න කියද්දී මායි වයිෆුයි ඒ වෙද්දිත් හිටියේ අවතැන් වෙලා. දවසක් අපි ගොඩක් මහන්සි වෙලා ඉද්දී ශාඛා කමිටු සාමාජිකයෙක් අපිව බලන්න ආවා. එයා කොච්චර බිසී කෙනෙක් වුණත් අපිට ඇහුම්කන් දුන්නා. අපිව දිරිගැන්නුවා. එයා අපි ගැන ඇත්තටම සැලකිලිමත් කියලා අපිට දැනුණා.” ඉහෝර් මෙහෙමත් කියනවා. “අපිට කිසිම දෙයක් කර කියාගන්න බැරිව, කිසි විසඳුමක් පේන මානෙක නැතුව ඉද්දී අපිට කරන්න තියෙන එකම දේ තමයි හිත ඇරලා යෙහෝවාට ඒ ගැන කියන එක. ඒ වගේ වෙලාවට යෙහෝවා අපි වෙනුවෙන් මැදිහත් වෙලා දේවල් කරන විදිහ අපේ ඇස් දෙකෙන්ම දකින්න පුළුවන්.”

මේ වෙද්දී යුධ කලාපයේ තියෙන නමස්කාර මධ්‍යස්ථාන හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අටකට බරපතළ හානිත් 33කට සුළු හානිත් වෙලා තියෙනවා.

කීව් නගරෙන් පිට තියෙන නමස්කාර මධ්‍යස්ථානයක් 2019දී (වම) සහ ඒකේ අද තත්වය (දකුණ)

පහළ තියෙන්නේ 2022 මැයි 17වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 37දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 74දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 45,253දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 418ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 466කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 1,213කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 8කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 33කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 48,806දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 21,786දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා