මුරටැඹ - පාඩම් කලාපය 2014 මාර්තු 

තමන් ගැන හිතන්නේ නැතුව දෙවිට මුල් තැන දීලා වැඩ කරන්නත් ධනාත්මකව හිතන්නත් උදව් වෙන්නේ මොනවද කියලා දැනගන්න. මහලු අයව රැකබලා ගන්න පුළුවන් කොහොමද?

සත්‍යය වැලඳගන්න නෑදෑයන්ට උදව් කරමු

සත්‍යය පිළිගන්න එච්චර කැමැත්තක් නැති නෑදෑයන් එක්ක යේසුස් කටයුතු කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? වෙනත් ආගමක් අදහන නැත්නම් කිසිම ආගමක් ගැන විශ්වාසයක් නැති පවුලේ අයට බයිබලේ තියෙන සත්‍යයන් හිතට දැනෙන විදිහට කියන්නේ කොහොමද?

තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් නොවී ඉමු

තමන් ගැන හිතන්නේ නැතුව දේවල් කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ටිකෙන් ටික නැති කරන සතුරෙක් අපි තුළම ඉන්නවා. ඒ සතුරාව අඳුනගන්නත් ඒක පරාජය කරන්න බයිබලය අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් මේ ලිපියේ සලකා බලනවා.

ධනාත්මකව හිතන්න පුරුදු වෙමු

හුඟදෙනෙක් තමන් ගැන අඩුවෙන් හිතන්නේ ඇයි? අපි ගැන ධනාත්මකව හිතන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ සාකච්ඡා කරනවා.

පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න

විවිධ රටවල ඉන්න අය පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න කරන දේවලින් ඔබත් ඉගෙනගන්න.

මහලු අයට ගෞරවයෙන් සලකන්න

මහලු අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද? තමන්ගේ මහලු දෙමාපියන් ගැන දරුවන්ට තියෙන වගකීම් මොනවද? මහලු අයව රැකබලා ගන්න සභාවක් විදිහට මොනවද කරන්න පුළුවන්?

මහලු අයව ආදරෙන් රැකබලා ගන්න

මහලු වයසේ ඉන්න දෙමාපියන්ව රැකබලා ගන්න කරන්න පුළුවන් දේවල් ගැන පවුලේ හැමෝම එකතු වෙලා කතාබහ කරලා කලින්ම සැලසුම් යොදන්න පුළුවන්. දෙමාපියන් රැකබලා ගද්දී එන අභියෝග ජය ගන්නේ කොහොමද?

වචනේ වෙනස් කරන්න එපා!

අපි යම් පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න ඕනේ. සැබෑ ක්‍රිස්තියානීන් හැටියට අපිට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.