මුරටැඹ - පාඩම් කලාපය 2015 නොවැම්බර් 

2015 දෙසැම්බර් 28 සිට 2016 ජනවාරි 31 දක්වා සතිවල සාකච්ඡා කරන ලිපි මේ කලාපයේ තියෙනවා.

යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවාව පුහුණු කරන්න

යේසුස්ට තිබුණු ගතිලක්ෂණ 3ක් දරුවන්ව පුහුණු කරද්දී ඔයාට උදව් වෙනවා.

යෙහෝවා දෙවිට ආදරේ කරන්න යෞවන දරුවාට උදව් කරන්න

යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න යෞවන කාලය පාවිච්චි කරන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඊශ්‍රායෙල්වරු යෙරිකෝව යටත් කරගන්න කලින් කාලයක් තිස්සේ වටලලා හිටියේ නැහැ කියන්න තියෙන සාක්ෂි මොනවද?

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු

අපේ කාලය, ශ්‍රමය සහ අපි සතු දේවල් පරිත්‍යාග කරද්දී අපිට තියෙන්න ඕනෙ මොන වගේ ආකල්පයක්ද කියලා බයිබලේ කතා කරනවා.

යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පතයි

යෙහෝවා දෙවි ඔහුගේ ආදරේ අපිට පෙන්නලා තියෙන්නේ කොහොමද?

ඔයාට වගේ අසල්වැසියාටත් ආදරේ කරන්න

යේසුස් දීපු ආඥාව විවාහයේදී, සභාවේදී සහ දේශනා සේවයේදී අදාළ කරගන්න පුළුවන්.

දේවරාජ්‍යයේ පාලනය යටතේ ගෙවුණු සියවස

දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියන්න අපිට උදව් වෙලා තියෙන්නේ මොන පැති තුනද?

අතීතයෙන් බිඳක්

“ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා!”

ප්‍රංශයේ මුලින්ම පුරෝගාමි සේවය කරපු ඒ අය විඳදරාගෙන, උද්‍යෝගයෙන් සේවය කළා වගේම අනිත් අයට හොඳ ආදර්ශයකුත් දුන්නා.